2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති අතර කාරක සභා අවස්ථා විවාදය හෙට දිනයේ සිට ලබන අප්‍රේල් පස් වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා සඳහන් කළේ පැහැදිළිවම අයවැය පරාජය කිරීම සඳහා අයවැයට එරෙහිව විපක්ෂයේ ඡන්දය භාවිතා කිරීමට තීන්දු කර අවසන් බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර අයවැයට විරුධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.
මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊයේ දිනය පුරා පැවති අතර එහිදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...