විදේශ පුවත්

පසුගිය දිනවල ලොවපුරාම කතාබහට ලක් වූ, පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ආදායම් බින්දුවටම වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
1992 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් පකිස්තානු කණ්ඩායමට නායකත්වය දුන් ඉම්රාන් පසුව දේශපාලනයට පිවිසි අතර ඒ පාකිස්තානු මුස්ලිම් ලීගයට සහ ජනතා පක්ෂයට විකල්පයක් ලෙස නව පක්ෂයක් ආරම්භ කරමිනි. පසුගිය 2018 මහ මැතිවරණයෙන් ජයගත් ඉම්රාන් ඛාන් ඉන්පසු පළමු වතාවට පකිස්තානයේ අගමැතිධූරය සඳහා පත්විය.

පසුගිය 2015 වසර වනවිට ඉම්රාන් ඛාන් පකිස්තානු රුපියල් කෝටි 3.56 ක වාර්ෂික ආදායමකට හිමිකම් කි අතර 2016 වසර වනවිට එම වාර්ෂික ආදායම රුපියල් කෝටි 1.29 දක්වා අඩු වී තිබිණි. එය මේ වනවිට රුපියල් ලක්ෂ 47 ක් දක්වා අඩු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඔහුගේ වාර්ෂික ආදායම වසර තුනක් තුළදී පකිස්තානු රුපියල් කෝටි 3.09 කින් අවප්‍රමාණය වී තිබේ.

ඉම්රාන් ඛාන්ගේ වාර්ෂික ආදායම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටෙන්නේ එරට විපක්ෂ දේශපාලන නායකයන් සිය වාර්ෂික ආදායම පියවර කිහිපයකින් වැඩිකර ගනිමින් සිටින පසුබිමකයි.

එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ෂබාස් ෂරීෆ්ගේ වාර්ෂික ආදායම 2015 වසරේදී පකිස්තානු රුපියල් ලක්ෂ 76 ක් වූ අතර එය 2017 වනවිට රුපියල් කෝටිය ඉක්මවා තිබේ.

හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි 2015 දී රුපියල් කෝටි 10.5 ක ආදායමකට හිමිකම් කී අතර එය 2016 දී කෝටි 11.4 ක් ලෙසත් 2017 දී කෝටි 13.4 ක් ලෙසත් වර්ධනය කරගෙන තිබේ. මේ අතර ඔහුගේ පුත් බිලාවල් භූතෝ සර්දාරි ද සිය පියා ඉක්මවන වත්කම් හිමි පකිස්තානු දේශපාලනඥයෙකි.

පකිස්තානු අගමැතිවරයා සීග්‍ර ලෙස සිය වත්කම් අහිමි කර ගනිමින් දිළින්දෙකු බවට පත්වුවද ඉන්දු-පකිස්තාන් දේශසීමාව තුළ ඇවිලීමට නියමිතව තිබූ යුද ගිනිදැල් යටපත් කිරීම වෙනුවෙන් සාම මාවතට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් සමස්ත ලෝකයේම අවධානය දිනා ගත්තේය.

විපක්ෂ දේශපාලනඥයන් සිය සාක්කු පුරවා ගනිද්දී ඉම්රාන් ඛාන් පකිස්තානු ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩවෙන් විශ්‍රාම ගොස් 1996 අලුත්ම දේශපාලන පක්ෂයකින් දේශපාලනයට පිවිස වසර 22 ක් ඇවෑමෙන් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පරදවා ජනතාවගේ විශ්වාසය දිනා ගත්තේ ඒ අනුවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More