විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මෙවර අයවැය පරාජය වන බව දෙමළ ජාතික සන්ධානය හොඳින් දැන සිටින බව පැවසූ රාජපක්‍ෂ මහතා ඔවුන්ගෙන් ඇතැමකු එක්සත් ජාතික පක්‍ෂයේ හුරතලූන් වී රජය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද කීය.
දෙමළ පක්‍ෂ නායකයන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රවටා ආණ්ඩුව සමග එකට කටයුතු කරන බව කියා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා රජය එම දෙමළ පක්‍ෂවල සහාය ලබාගෙන අයවැය ජයග‍්‍රහණය කිරීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවද පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පවසා ඇත්තේ ඉදිරි අයවැය ඡන්ද විමසීමේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව ජාතික පුවත්පතක් කළ විමසීමකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...