දේශීය පුවත්

ත‍්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කිරිමට පිටරටින් බලපැම් සිදුවෙමින් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බද්දේගම කුසල නායක ස්වාමින් වහන්සේ වෙත ගාලූ මාතර හම්බන්තොට තෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිම සඳහා එම විහාරස්ථානයේ පැවති උත්සවයට ඊයේ (10) සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය.

අද ත‍්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කරන්න පිටරටින් බලපැම් කරනවා . ඒක නිසා එය ඉවත් කරලා එහි තියෙන සමහර කරුණු සාමාන්‍ය නීතියට දාන්න හදනවා. මොකද ත‍්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කරන්න පුළුවන් හදිසි නීතිය යටතේ පමණයි .

නමුත් සාමාන්‍ය නීතියට මේක එකතු කරාම මේ වගේ උත්සවයක් තහනම් කරන්න, පෙළපාලියක් ,විරෝධතාවයක් ,දේශපාලන පක්ෂයක් පවා තහනම් කිරිමේ බලය සාමාන්‍ය පොලිස් නිලධාරින්ට දෙනවා. එතකොට මොකද වෙන්නේ සාමාන්‍ය නීතිය තුළට දාලා අපි ඔක්කොම විනාශ කරන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය කුමන පක්ෂයක් බලයට ආවත් හොද කාරණයක් නෙමෙයි. මේවා සම්බන්ධව ස්වාමින් වහන්සේලා ගේ අවදානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More