ව්‍යාපාරික පුවත්

ස්වෛරී බැඳුම්කර පිටරටට විකිණීම සඳහා කාලාපීය රටක් මේ දක්වා නොගත් රුපියල් කෝටි 45,000ක අති විශාල පොලි සහිත ණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව “දූෂණ විරෝධී හඬ” අනාවරණය කරයි.

මීට වසර 4කට පෙර මහ බැංකු බැඳුම්කර මගඩිය සිදුකර රටට විශාල පාඩුවක් කළා සේම මේ හරහාද දැවැන්ත බරක් ජනතාව මත පැටවීමේ උත්සාහයක් පවතින බවද එම සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසීය.

සමරසිංහ මහතා ප්‍රකාශ කළේ එම ණය 7.85% ඉහළ පොලියකට ගැනීමට මහ බැංකුව තීරණය කර ඇති බවය.

සාමාන්‍යයෙන් කලාපීය රටවල් ලෙස වියට්නාමය 4.78%ක්, ග්‍රීසිය 3.84%ත්, බොස්වානා 5.27%ක්, මැලේසියා 3.87% වැනි පොලියක් යටතේ මෙතෙක් ණය ලබාගෙන ඇති නමුත් ප්‍රථම වරට 7.85%ක ඉහළ පොලියට ණය ලබාගත් එකම රට ශ්‍රී ලංකාව බවද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ එකී ස්වෛරී බැඳුම්කර පිටරටට විකිණීම වෙනුවෙන් පළකර ඇති දැන්වීම ඉංගී්‍රසි මාධ්‍යයෙන් පමණක් පළ කිරීමද ආණ්ඩුවේ එක් උප්පරවැට්ටියක් බවය.

වසර ගණනාවක් තිස්සේ ආපසු ගෙවීමට මෙසේ අති විශාල පොලියට ණය මුදල් ගැනීමේ සම්පූර්ණ බර පැටවෙන්නේ අහිංසක ජනතාව මත බැවින් අඩුම තරමින් මෙවැනි විශාල මුදලක් ගැනීමේදී එහි පොලී අනුපාතය ගැන හෝ සොයා බැලීම ආණ්ඩුවේ වගකීම බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More