විදේශ විනිසුරුවන් සහිත හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචිලි බැචලට් කළ ඉල්ලීම ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කර ඇත.
ශ‍්‍රී ලංකාව සම්බන්ධව දළ වාර්තාව ප‍්‍රකාශයට පත්කරමින් බැචලට් පැවසුවේ ශ‍්‍රී ලංකාව ජිනීවා යෝජනාව ඉටුකිරීමට අපොහොසත් වී ඇති නිසා මෙවන් හයිබි‍්‍රඞ් හෙවත් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බවයි.
මෙයට පෙර මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් සාද් හුසේන් ද මෙවන් අධිකරණයක් නිර්දේශ කර තිබුණි.
මානව හිමිකම් කොමසාරිස්වරිය මේ නිර්දේශය කිරීමට පෙර ද්‍රවිඩ සන්ධානය සහ උතුරේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවේ හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීමට ක‍්‍රියාකරන ලෙස ඇගෙන් ඉල්ලා තිබුණි.
මිචිලි බැචලට් තවදුරටත් පැවසුවේ ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් කාර්යාලයක් ද ස්ථාපිත කළයුතු බවයි.
මේ අතර, ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් වාර්තාව මාර්තු 20 වැනිදා මිචිලි බැචලට් විසින් ප‍්‍රකාශයට පත්කෙරේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...