දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සුරක්ෂා රක්ෂණ ක්‍රමය මඟින් සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් කොමිසම වෙත ඊයේ (07) අදාල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැති සුරක්ෂා රක්ෂණ ක්‍රමය මඟින් රුපියල් මිලියන 2300 ක අක්‍රමිකතාවක් සිදුව ඇති බව මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙනු ලැබීය.

2018 වසරේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා පණිවිඩයක් ඇතුළත් කිරීමේදී එක් පිටුවක් සඳහා රුපියලක මුදලක් වැයකොට ඔහුගේ ප්‍රතිරූපය නැංවීම පිණිස සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ හරහා මහජන මුදලින් රුපියල් මිලියන 29ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වන බව ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව පැවසා සිටියේය.

මීට අමතරව පාසල් නිල ඇදුම් වවුචර ලබාදීමේදී රුපියල් මිලියන 538ක මුදලක් අමතරව දැරීමට සිදුව ඇති බවද පැමිණිල්ල මඟින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඒ අනුව සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වන මූලික විමර්ශන කටයුතු සඳහා ජනාධිපති විමර්ශන කොමිශන් සභාවේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයට භාරදුන් බව ඔවුන් සඳහන් කළේය.

මේ වන විට කොමිශන් සභාව වෙත පැමිණිලි 522ක් පමණ ලැබී ඇති අතර පැමිණිලි භාරගැනීම ලබන 14 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිශන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More