දේශීය පුවත්

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අඟුණකොළපැලැස්සෙදී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව තරඟකොට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව පවසන ජයසේකර මහතා, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩ නගන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාම වන බවයි පෙන්වා දෙන්නේ.

පොහොට්ටුවේ සාමාජිතක්වය ගත්තද අද මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය මෙන්ම මන්ත‍්‍රී ධුරයද රැක දුන්නේ සන්ධාන මහ ලේකම්වරයා බව මතක තබා ගත යුතු යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙහිදී පොදුජන පෙරමුණටද දැඩි ප්‍රහාරයක් එල්ල කළ ඔහු පැවසුවේ මීලග ජනාධිපතිවරණය ජයගැනීමට නම් ශ‍්‍රීලනිපය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් විය යුතුම බවත් එසේ නොවුනහොත් ජනාධිපතිවරණය පරාජය වන බවත් පැවසූ මහ ලේකම්වරයා තනියෙන් දිනාගත හැකි යයි කිසියම් ඔලමොට්ටලයෙක් කියන්නේ නම් තනියම ගොස් දිනාගන්නැයි කියන බවත් පැවසීය.

එසේ නොවන්නේනම් ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කරගැනීමට ඉඩහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී පසෙකට වී සිටින බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More