බෝම්බ දෙක හමුවූ අවස්‌ථාවේ පොලිස් භටයන් අතුරුදන්ව සිටි බව හෙළිවෙයි
ටිබැට් අධ්‍යාත්මික නායක දලයිලාමා ආරක්‌ෂා කිරීම සඳහා යොදවා සිටි පොලිස් භටයන් 13 කගේ වැඩ තහනම් කර ඇත.
මෙම පොලිස් භටයන් දහතුන් දෙනා නිසි ආරක්‌ෂක ස්‌ථානවල නොසිටි බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
දලයිලාමාගේ ආරක්‌ෂක කටයුතු භාරව සිටි පොලිස් අධිකාරීවරිය වූ හරිමා මලික් පැවසුවේ උප පොලිස් පරීක්‌ෂකවරයකුගෙන් යුත් 13 ක කණ්‌ඩායමක් දලයිලාමා වෙනුවෙන් යොදා තිබූ බවයි.
බුද්ධගයාවේ බෝම්බ දෙකක් සොයාගත් අවස්‌ථාවේ එම පොලිස් භටයන් බුද්ධගයා සංකීර්ණයේ නොසිටි බවද ඇය කීවාය.
මසකට අධික කාලයක් තිස්‌සේ බුද්ධගයාවේ ආගමික කටයුතු මෙහෙයවීම සඳහා දලයිලාමා බුද්ධගයාවට පැමිණ ඇත.
2013 වසරේ ජුලි මස බුද්ධගයාවේ මහබෝධි විහාර සංකීර්ණ ප්‍රදේශයේදී බෝම්බ පිපිරීම් නවයක් සිදුවී තිබේ.
මේ අතර ඉන්දීය රජය ද පැවසුවේ දලයිලාමාතුමාගේ ආරක්‌ෂාව තරකර ඇති බවයි.
දලයිලාමාතුමා බුද්ධගයාවේ ආගමික උත්සවයකට සහභාගි වන අවස්‌ථාවේ සොයාගත් බෝම්බ දෙක ගැන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...