දේශීය පුවත්

වැලි ජාවාරම්කරුවන්ට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් අතලොස්සක් ද සහාය දක්වන බවට එහි සභාපති අසේල ඉද්දවෙල මහතා චෝදනා කරයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යනු වැලි පස් ජාවාරමට බලපත් නිකුත් කරන ඒජන්සියක් නොවන්නේ යැයි කී හෙතෙම එම තත්ත්වයෙන් ආයතනය නිවැරැදි මාවතට අවතීර්ණ කරන්නට යෑමේදී තමාට අභ්‍යන්තර ප්‍රහාරයකට ලක්වන්නට ද සිදුව ඇතැයි අවධාරණය කළේය.

මෙසේ වැලි ජාවාරම් කරුවන්ට සහාය දක්වන්නේ ආයතනයේ අතලොස්සක පිරිසක් යැයි ද තමා ඊට යට නොවන්නේ යැයි ද ඉද්දවෙල මහතා පැවසීය.

හරිත වැලි තොටුපළ සංකල්පය පොළොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අසාර්ථක වී ඇති බව තමා පිළිගන්නේ යැයි ද කවර බාධක පැමිණිය ද වැලි මාෆියාවට නීතියේ ඇසට වැලි ගසන්නට ඉඩ නොදෙන්නේ යැයි ද සභාපතිවරයා කීය.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළේ යැයිද ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More