දේශීය පුවත්

බිහිසුණු කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් ශ‍්‍රී ලංකා මාතාව ගලවා ගැනීම උදෙසා තම වර්තමානය සහ අනාගතය පුද කළ 6000 කට අධික සෙබළුන් සහ නිලධාරීන් අද රටේ නායකත්වය විසින් මහා පාවාදීමට ලක්කර ඇත. ඒ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ලවූ යුද අපරාධ චෝදනා මත බි‍්‍රතාන්‍යය පුමුඛ යුද අපරාධකරුවන් පස්දෙනකු මෙවරද ඉදිරිපත් කරන අළුත්ම ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකාව එකඟවීම වේ.

වික‍්‍රමසිංහ රජයේ නියෝගය මත ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති අසීස් එම යෝජනාවට අත්සන් කරනු ලැබීය. මෙම යෝජනාවට සම අනුග‍්‍රහයදීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කියා සිටියත් එම ඉල්ලීම කෙරේ තැකීමක් නොවුණි. රටේ සේනාධිනායකයාට සෘජුව අතුල්පහරක් එල්ල කරමින් විදේශ කටයුතු බලධාරීන් ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහයදීමේ නිවේදනයද ප‍්‍රකාශයට පත්කළේය.

එසේ වූවත් ජනාධිපතිවරයා මහින්ද සමරසිංහ, සරත් අමුණුගම යන මන්ත‍්‍රීවරුන් සහ උතුරු ආණ්ඩුකාර සුරේන් රාගවන් ජිනීවා යැවීමට තීරණය කළේය. මේ අතර ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමට එකඟවූ රජය නේස්බී සාමිගේ යුද්ධයෙන් මියගිය අය පිළිබඳ සැබෑ සංඛ්‍යාලේඛනයද ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියේය.

මේ පාවාදීම මෙරට ඉතිහාසයේ පස්වැනි පාවාදීමයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඉංග‍්‍රීසීන්ට පාවාදීමෙන් පසු ඊනියා සටන් විරාම ගිවිසුමට එකඟවීම සහ මිලේනියම්සිටි පාවාදීමද ඉන්පසු 2015 ඔක්තෝබර් 1 දා ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම දක්වා මෙම පාවාදීම් සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More