හිටපු කොටි කි‍්‍රයාකාරීන් පුනරුත්ථාපනය කිරීමෙන් ද්‍රවිඩ ජනතාව අතර ප‍්‍රසාදයක් හිමිකරගත් විශ‍්‍රාමික කර්නල් රත්නපි‍්‍රය බන්දු ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් සමුළුව අමතනු ඇත.
කොටි ඩයස්පෝරාවට නිසි ප‍්‍රතිචාර දැක්වීම සඳහා මානව හිමිකම් සමුළුවක් අමතන ප‍්‍රථම හමුදා නිලධාරියා රත්නපි‍්‍රය බන්දුයි.
මෙම හිටපු කර්නල්වරයා ජිනීවා එන බවට ලත් තොරතුරු වාර්තාවීමත් සමග ඔහු යුද අපරාධකරුවකු ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගන්නැයි ස්විස් කොටි කි‍්‍රයාකාරීහු ස්විස් නඩු අධ්‍යක්‍ෂවරයාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වී ඇත.
හිටපු කොටි කි‍්‍රයාකාරීන් සිවිල් ආරක්‍ෂක බළකායට බඳවාගෙන ඔවුන් වෙනුවෙන් කරන ලද සේවය ඇගයීමකට ද ලක් වී තිබිණි.
කර්නල් රත්නපි‍්‍රය බන්දු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමක් ද අමතන අතර එය වැළැක්වීමට කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් උත්සාහ දරා ඇතැයි ජිනීවා ආරංචි මාර්ග සදහන්කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...