ව්‍යාපාරික පුවත්

මුදල් අමාත්‍යාංශය විසින් මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉදිරි මාසය සඳහා වන නව ඉන්ධන මිල ගණන් හෙට (11) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්ධන මිල සුත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද ඩීසල් ලීටරයක් රු.4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු. 08 කින් ඉහළ දැමීමට පියවර ගැනුණි.

එසේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුයේ පෙබරවාරි මස 01 වෙනිදා වන විට අමෙරිකානු ඩොලර් 55ක මිලකට තිබු බොර තෙල් බැරලයක් සතියක් වැනි කෙටි කාලයක් තුලදී අමෙරිකානු ඩොලර් 60ක අගයක් දක්වා ඉහළ මිල යාමත් සමගය. ඒ වෙනිසියුලාවේ හට ගෙන තිබෙන දේශපාලන අස්ථාවර භාවය සහ ඔපෙක් සංවිධානය සිය දෛනික බොර තෙල් නිෂ්පාදනය සිමා කිරීම හේතුවෙනි.

මේ වන විට ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුව ඇති බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙක්සිකානු කළාපයේ බොරතෙල් නිෂ්පාදනය පහළ වැටීම සහ වෙනිසියුලාවේ පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ පෙබරවාරි මස පළමු සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් තැරව්කාර සමාගමේ මිල දර්ශකයට අනුව මේ වන විට බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65.75ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඊට අමතරව ඔපෙක් සංවිධානයේ බොර තෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 65.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී මෙම මිල තවත් ඉහළ යනු ඇති බව වෙළදපල විශ්ලේෂකයින් මත පළකර සිටියි. ඒ සවුදි අරාබිය විසින් දෛනිකව සිදුකරන බොර තෙල් බැරල් මිලියන 10.1ක නිෂ්පාදනය මාර්තු මාසයේ සිට මිලියන 9.8ක් දක්වා පහත හෙලීමට තීරණය කිරීමත් සමගය.

හෙට දිනයේදී රැස්වීමට නියමිත ඉන්ධන මිල සුත්‍ර කමිටුව ලෝක වෙළදපලේ පවතින බොරතෙල් මිල සැසදීමෙන් අනතුරුව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර බොහෝ විට ඉන්ධන මිලෙහි ඉහළ යාමක් සිදුවීමට ඉඩකඩ ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More