දේශීය පුවත්

පිටරටින් ගෙන්වන කිරිපිටිවල ඇ‌ති විෂ පිළිබඳවත් ඒ‌ කිරිපිටි නිසා රටටත් රටේ දරැවන්ටත් සිදුවන සමාජ ව්‍යසනය පිළිබඳවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී නියෝ‌ජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් හෙළිදරව් කිරීමෙන් පසු කිරිපිටි පිළිබඳව සමාජය දැනුවත්කිරීමේ කතිකාවන් නතර කිරීමටත් ඒ‌ දැනුවත්කිරීම් කරන පුද්ගලයන් සහ සංවිධාන බියගැන්වීමටත් කිරිපිටි සමාගම් පියවර ගෙන ඇ‌ත.

පාර්ලිමේන්තු වරප්‍රසාද සහ අමාත්‍ය වරප්‍රදසාද හමුවේ බුද්ධික පතිරණ ඇ‌මතිවරයාට එරෙහිව කටයුතුකළ නො‌හැකි වූ කිරිපිටි සමාගම් වෛ‌ද්‍ය සුමිත් වන්නිආ‌රච්චි මහතාට එන්තරවාසියක් එවමින් රැපියල් මිලියන පන්සීයක් වහාම ගෙවන ලෙසත් නැතහො‌ත් නඩු දමා එම මුදල අයකරගන්නා බවත් දැනුම් දී ඇ‌ත. ඒ‌ එක්තරා නාලිකාවකදී රට කිරිපිටි පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඒ‌ මහතා සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගනිමිනි.

මීට අමතරව මව්බිම ලංකා පදනමටද මෙම එන්තවාසිය යො‌මුකර අදාල මුදල් ඉල්ලීම සිදුකර ඇ‌ත.

තවද මව්බිම ලංකා පදනමටත් එහි සභාපති ආ‌රියශීල වික්‍රමනායක මහතාටත් එරෙහිව ඇ‌න්කර්, මැලිබන් සහ ඩයමන්ඩ් යන කිරිපිටි ගෙන්වන සමාගම් කෙළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇ‌ත. නමුත් එම නඩු මගින් මව්බිම ලංකා පදනම සහ වික්‍රමනායක මහතා ආ‌නයනික කිරිපිටි පිළිබඳව කරන දැනුවත්කිරීම් තහනම් කරන තහනම් නියෝ‌ගයක් ඉල්ලා සිටියද වාණිජ මහාධිකරණය එවැනි තහනම් නියෝ‌ගයක් එදින ලබාදීම ප්‍රතික්ෂේප කර ඇ‌ත.

ඉහත කී නඩුවත් එන්තරවාසියත් මගින් කිරිපිටි ගෙන්වා විකුණන සමාගම් දිගින් දිගටම පෙන්වා දී ඇ‌ත්තේ ආ‌නයනික කිරිපිටි සම්බන්ධයෙන් මේ කරන හෙළිදරව් කිරීම් හේතුවෙන් එම සමාගම්වල කීර්තිනාමයට හානි සිදුවන බවත් සහ සමාගමේ ලාභයට ඒ‌ හෙළිදරව් කිරීම් සෘණාත්මකව බලපාන බවත් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු ප්‍රකාශ කළේ සමාගමක කීර්තිනාමය හෝ‌ ලාභයට වඩා සමාජයක පැවැත්ම සළකාබැලියයුතු බවට තීරණය කරමින් අධිකරණය දැනට ලබාදී ඇ‌ති තීන්දුව අනුව සමාජයට යහපත් බලාපො‌රො‌ත්තු ඇ‌තිකරගත හැකිවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More