දේශීය පුවත්

කාන්තාවන් පමණක්‌ සහභාගී වී සිටින ගුවන් යානා කාර්ය මණ්‌ඩලයකින් සමන්විත ගුවන් ගමනක්‌ ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යෑවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ ඊයේට (08දා) ට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.

මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම, සහායක නියමුවා ද කාන්තාවක්‌ වූ අතර, අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්‌ඩලයේ සියලු දෙනා ද කාන්තාවෝ වන අතර, එහි සිටි සමස්‌ත කාර්යය මණ්‌ඩලය 08 කි.

මොවුන් ඊයේ (8දා) අලුයම 1.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, මෙම ගුවන් යානය තුළ පිරිමි මගීහු කීප දෙනෙක්‌ පමණක්‌ සිටියහ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සඳහා ඒ – 320 එයාර් බස්‌ වර්ගයේ ගුවන් යානයක්‌ යොදවා තිබුණි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක්‌ සමන්විත ගුවන් ගමන් සංවිධානය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More