දේශීය පුවත්

මහ ඡන්දයක් අත ළඟ

March 9, 2019 11:28 am | Lanka Lead News

2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණද ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩ ප්‍රස්තාවක් තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩ තිබෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් යම් ඉඟි දෙමින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් මේ බව වඩාත් තහවුරු වේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින අර්බුදය මේ වන විට තවත් උග්‍රවී ඇති අතර තමන් කියන දේවල්වලට මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇහුම්කන් නොදෙන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබිණි.

මේ අතර මේ මස 13 වැනිදා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ප්‍රකාශ කරති.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කළහොත් එදිනම නව ආණ්ඩුවක් පිහිටුවන බවත් හැකි නම් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන ලෙසට ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

මේ අතර අය – වැය විවාදයේදී ලැබෙන පළමු මොහොතේදීම අය-වැය පරාජය කර පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමට ක්‍රියාකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අය-වැය පරාජය වුවහොත් ව්‍යවස්ථාව අනුව නව අග්‍රාමාත්‍යවරයකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමි වන අතර එවැනි අවස්ථාවක් පැමිණියහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත හිමි වන බවද වාර්තා වේ.

නීත්‍යනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන්නේ 2020 පෙබරවාරි 17 වැනිදායින් පසුවය. නමුත් පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මීට පිළියමක් ලෙස පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යා යුතු බව දේශපාලන විචාරකයන්ගේද අදහස වී තිබේ.

mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More