දේශීය පුවත්

ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක ආදී ප්‍රබලයන් රැසක් විරුද්ධ බව දැනගන්නට තිබේ.

මෙම නායකයන්ට සමීප ආරංචිමාර්ග වලින් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක රටේ ඒකීය භාවය සලකා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙනවාට අකමැත්ත පළකරන බවය.

පාඨලී චම්පික රණවක සිය පක්ෂයේ ප්‍රතිපත්තිය මත පිහිටා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට විරුද්ධ බව පැවසේ.

මීට අමතරව තවත් බොහෝ දෙනෙකු ජනමත විචාරණයකට යෑමට සිදුවීම නිසා සහ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම අසීරු බව සලකා මෙම සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ වේ. මෙම තත්ත්වය තුළ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම දුෂ්කර බව ආණ්ඩුවේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබේ.

(අනිද්දා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More