පුරවැසි කොලම

මන්නාරම සමූහ මිනී වළේ අස්‌ථි කොටස්‌ සම්බන්ධයෙන් කාල නිර්ණ වාර්තාව නිකුත් වී තිබේ. ඇමෙරිකාවේ බීට්‌ ඇනලිටික්‌ස්‌ ආයතනය මගින් නිකුත් කර ඇති එම වාර්තාව මන්නාරම දිසා අධිකරණය මගින් පෙරේදා (7 දා) අතුරුදන් වූවන්ගේ ඥතීන් වෙත නිකුත් කෙරුණි. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පරීක්‍ෂාවට ලක්‌ කළ අස්‌ථි කොටස්‌ වර්ෂ 1499 සිට 1719 දක්‌වා කාලයට අයත් බවය. මෙම වාර්තාව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධාන තිගැස්‌මකට ලක්‌ කළ වාර්තාවකි. මන්ද මන්නාරම සමූහ මිනී වළේ වගකීම මුළුමනින්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ වෙත පැවැරීමේ ජාත්‍යන්තර මෙහෙයුමක්‌ දියත් කරනු ලැබුවේ මෙම සංවිධාන විසිනි. එම මෙහෙයුමේ මූලික අරමුණ වූයේ ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසියේදී මන්නාරම සමූහ මිනී වළ පෙරට දමා ආරක්‍ෂක හමුදාවට එරෙහිව ගොනුකර ඇති යුද අපරාධ චෝදනා සනාථ කිරීමය. නමුත් එම මෙහෙයුම ජාත්‍යන්තර මෙහෙයුමකින්ම අඩපණ වීම, ශ්‍රී ලංකාව ලැබූ ඉතා මානුෂික ජයග්‍රහණයකි.

2018 වසරේ මාර්තු 26 වැනිදා නව ඉදිකිරීමක්‌ සඳහා මන්නාරම උසාවිය අසල පිහිටි පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා එහි පස්‌ ඉවත් කිරීමේදී මිනිස්‌ ඇටසැකිළි කිහිපයක්‌ මතු විය. මන්නාරම පොලිසිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම ස්‌ථානය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ආරම්භ විය. මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු සිදු කරනු ලැබුවේ වෝහාරික පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රා- සෝමදේව මහතා විසිනි. වර්ෂයක්‌ පුරා සිදු කරන ලද කැණීමේදී හමු වූ සම්පූර්ණ ඇටසැකිළි සංඛ්‍යාව 321 ක්‌ වූ අතර ඉන් 26 ක්‌ ළමයින්ගේ බව කැණීම් කටයුතු භාර වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යයට පවසා තිබිණි. මෙම ඇටසැකිළිවල කාල නිර්ණ වාර්තාව ලබාගැනීම සඳහා මන්නාරම දිසා මහෙස්‌ත්‍රාත් ටී. සරවනරාජා විමර්ශන කණ්‌ඩායමට අනුමැතිය ලබාදුන්නේ පසුගිය ජනවාරි 18 වැනිදාය. ඇමෙරිකානු බීට්‌ ඇනලිටික්‌ස්‌ ආයතනය අදාළ වාර්තාව නිකුත් කරනුයේ ඒ අනුවය. බීට්‌ ඇනලිටික්‌ස්‌ ආයතනය මේ සඳහා තෝරාගනු ලැබුවේ ඔවුන් බොම්බ් ප්ලස්‌ කාබන් 14 තාක්‌ෂණ ක්‍රමවේදය භාවිත කර පරීක්‍ෂණ පවත්වන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක්‌ වීමය. මෙම පරීක්‍ෂණ ක්‍රමවේදය මගින් අස්‌ථි සහ දත් සාම්පලවල අඩංගු කාබන් 14 අගය ඇස්‌තමේන්තුගත කර එමගින් ශාක හෝ සත්වයන් ජීවත්ව සිටි කාල පරිච්ඡේදය නිගමනය කරනු ලබයි. මේ වන විට පුරාවිද්‍යා සහ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්‍ෂේත්‍රවල පරීක්‍ෂණ සඳහා මෙම තාක්‍ෂණය වැඩි වශයෙන් යොදාගනු ලබයි.

මන්නාරම සමූහ මිනී වළෙන් ඇටසැකිළි මතුවීමත් සමග මෙම මිනී වළේ වගකීම රජයේ ආරක්‍ෂක හමුදාව වෙත පැවරීමට විවිධ පාර්ශ්ව උත්සහ දැරීය. අතුරුදන් වූවන් සොයා බැලීමේ කමිටුවේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කොළඹදී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පැවසුවේ මන්නාරම මිනී වළේ ඇත්තේ සැලසුම් සහගතව පැහැරගෙන ගොස්‌ වධහිංසා කොට ඝාතනය කරනු ලැබූ පුද්ගලයන්ගේ මළ සිරුරුවල ඇටසැකිළි බවය.

මන්නාරම රදගුරු එම්මානුවෙල් µර්නැන්ඩෝ සමග සමූහ මිනී වළ නිරීක්‍ෂණය කිරීමට පැමිණි මන්නාරම කතෝලික දියෝකිසියේ දේවගැති වික්‌ටර් සොයිසා දේවගැතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්‌ නිකුත් කරමින් පැවසුවේ යුද සමයේදී බෝට්‌ටු මාර්ගයෙන් ඉන්දියාවට පලාගිය දෙමළ ජාතිකයන් ගණනාවක්‌ අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් අතුරුදන් කර ඇති බවය. දේවගැතිවරයා එම ප්‍රකාශය සිදු කරනුයේ මන්නාරම මිනී වළ සම්බන්ධ කරමිනි. දිගින් දිගටම මිනී වළෙන් ඇටකටු හමුවීමත් සමග රාජ්‍ය නොවන සංවිධානවලින් නඩත්තු වන මානව හිමිකම් ගැන කතාකරන පුවත්පතක්‌ සිද්ධිය වාර්තා කරමින් පැවසුවේ මන්නාරම සමූහ මිනී වළේ ඇත්තේ පසුගිය යුද්ධයේදී මරා දමනු ලැබූ දෙමළ ජාතිකයන් බවය. රටේ භාෂණයේ නිදහසට මුවා වී සිදු කරනු ලැබූ මෙම ප්‍රකාශ ඉතා බරපතළය. කෙසේ වුවද අවසානයේ බීට්‌ ඇනලිටික්‌ස්‌ වාර්තාව මගින් මේ සියලු චෝදනා අපවාද පමණක්‌ බවට පත් කර තිබේ. නමුත්, කුමන්ත්‍රණකරුවන් අවදියෙන් සිටින බව අප අමතක නොකළ යුතුය.

සමූහ මිනී වළවල් සංස්‌කෘතිය ශ්‍රී ලංකාවට අලුත් දෙයක්‌ නොවේ. සූරියකන්ද, චෙම්මනි, යාපනය, මාතලේ යන ප්‍රදේශවලින් හමුවූ මිනී වළවල්වල ම්ලේච්ඡත්වය උතුරට හෝ දකුණට කියා වෙනසක්‌ නැත. මේ සියලු වළවල් තුළ නිදන්නේ රටේ ජීවනාලිය වීමට තිබූ තරුණ පරපුරය. ඔවුන්ගේ දේශපාලන මතවාදය ගැන අපට විවේචන තිබුණ ද ඔවුන් සියල්ල අරගල කළේ කුමන්ත්‍රණකාරී දේශපාලන ක්‍රමය වෙනස්‌ කිරීමටය. මෙම තරුණ ජවය ත්‍රස්‌තවාදය වෙත දක්‌කාගෙන යනු ලැබුවේ වේළුපිල්ලේ ප්‍රභාකරන් විසිනි. මේ සිස්‌ට්‌වාදියා අවසානයේදී නන්දිකඩාල් කලපුවේදී අවසන් ගමන් යන්නේ තිස්‌වසරක්‌ පුරා උතුරේ පමණක්‌ නොව දකුණේ ද තරුණ ජවය සුසාන භූමිවල කෝන්ක්‍රීට්‌ ස්‌මාරක බවට පත් කරමිනි. ප්‍රභාකරන් විප්ලවවාදියකු කිරීමට වෙර දරන මානව හිමිකම් සංවිධාන වටහා ගත යුතු සත්‍යය මෙයය. නමුත් ඔවුන්ට මෙම තර්කවලින් ප්‍රයෝජනයක්‌ නැත. ඔවුන්ට වැඩිපුර ලාභ ලැබෙන්නේ වැඩි වැඩියෙන් යුද අපරාධ ගොනු කළ තරමටය. නමුත් අපට ඔවුන්ට කිව යුතු යමක්‌ තිබේ. ඒ මෙවර “ජිනීවා යන ගමන් මන්නාරමට ඇවිත් යන්න” කියාය. සත්‍යය කිසිදා නිහඬ කළ නොහැක. එය සදාකාලිකය.

divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More