දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය ලැබෙන පරිදි නව නීති සකස්‌ කෙරෙමින් තිබෙන බව ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න පැවසීය.

ඒ අනුව ශීඝ්‍ර ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඬලීම ස`දහා පොලිසියට සහාය දක්‌වමින් ත්‍රිවිධ හමුදාව දැනටමත් තීරණාත්මක මෙහෙයුමකට අවතීර්ණ වී සිටින බවද රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා සඳහන් කළේය.

රට තුළ පැවති හදිසි නීති තත්ත්වය පසුගිය කාලයේ ඉවත් කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ආදිය සිදු කිරීමට ත්‍රිවිධ හමුදාවට නෛතික බාධාවක්‌ තිබුණ අතර එම තත්ත්වය ළ`ගදීම අවසන් වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මෙරටේ ව්‍යාප්ත මත්ද්‍රව්‍ය වසංගතය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක්‌ බැවින් නාවික හමුදාවට විශාල වගකීමක්‌ පැවරී තිබෙන බවද පැවසූ අද්මිරාල් විඡේගුණරත්න දැනට මෙරට තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන 3200 පමණ වන බහුදින ධීවර යාත්‍රා මගින් රටපුරා ඇති ධීවර වරායන් 17 ඔස්‌සේ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වීමට හැකියාවක්‌ තිබෙන බවද කීවේය. උතුරේ ඉන්දීය ධීවරයන්ගේ ගැටලුව අද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ කතා කිරීමේදී දැඩි ලෙස අවධානය යොමු විය යුතු කරුණක්‌ වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (08 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

රට තුළ ව්‍යාප්ත මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතයට එරෙහිව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ එක්‌ව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව ඉටුකරමින් සිටින කාර්යභාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට සහ ඒවා බෙදාහරින්නන්ට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසට ඒ ඒ ආකාරයෙන් තේරෙන භාෂාවෙන් පිළිතුරු ලබා දීමට යුද හමුදාව සූදානම් බව මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.

මේ වනවිට මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ප්‍රාදේශීය මට්‌ටම දක්‌වා යමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවත්වීමේ සිට යුද හමුදා බුද්ධි ජාලය හරහා පොලිසියට හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායට උපරිම සහාය ලබාදීමට යුද හමුදාව සක්‍රීය ලෙස දායක වී සිටින බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

එසේම මත්ද්‍රව්‍යවලට අබ්බැහිවී සිටින තරුණ කොටස්‌ ඉන් මුදාගැනීම සඳහා සිදු කෙරෙන පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළට යුද හමුදාව මේ වන විට ඉතා කැපවීමෙන් දායක වී සිටින බවද මහේෂ් සේනානායක මහතා මෙහිදී කීවේය.

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන ඉතාම වැදගත් සහ ප්‍රමුඛ රාජකාරිය වී තිබෙන්නේ මුහුදු මාර්ග ඔස්‌සේ රට තුළට මත්ද්‍රව්‍ය ළ`ගාවීම වැළැක්‌වීම බව මෙහිදී අදහස්‌ දැක්‌වූ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් පියල් සිල්වා පැවසීය.

පසුගිය කාලයේ සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පැහැදිලිවම පෙනී ගිය කරුණ වූයේ ඒ සියල්ල මෙරටට ළ`ගාවී ඇත්තේ සාගරය යොදාගෙන මුහුදු මාර්ග ඔස්‌සේ බව අනාවරණය වීම යෑයිද සඳහන් කළ නාවික හමුදාපතිවරයා ඒ අනුව නාවික හමුදාව සතු සියලු සම්පත් යොදාගෙන මූලික කරුණක්‌ සේ සලකා එසේ මත්ද්‍රව්‍ය රට තුළට ළඟාවීම වැළැක්‌වීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටින බවද පැවසීය.

මේ වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම් සහ භූමි මෙහෙයුම් වශයෙන් ආකාර දෙකකින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරට තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව ක්‍රියාත්මක වන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මෙහිදී ස`ඳහන් කළේය.

එහිදී සිදු කරන භූමි මෙහෙයුම්වලට අනුව ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රටපුරා විහිද යමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බෙදාහරින්නන් ආදී වශයෙන් සියලු අංශ පිළිබඳ තොරතුරු රැස්‌ කර එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල කාර්යභාරයක්‌ සිදු කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

අද ගුවන් යානා යොදාගෙන සිදු කරන ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම් මගින් සුළු කාලයක්‌ තුළ භූමියේ ඉතා විශාල ප්‍රදේශයක්‌ පරීක්‍ෂාවට ලක්‌ කළ හැකි බවද පැවසූ ගුවන් හමුදාපතිවරයා විශේෂයෙන් ගොඩබිමින් ළඟා විය නොහැකි කැලෑ ප්‍රදේශයන්හි වගා කොට තිබෙන ගංජා වගාවන් වැනි දේ විනාශ කිරීමට එමගින් හැකියාවක්‌ ලැබෙන බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More