දේශීය පුවත්

දිවයින පුරා දිස්ත්‍රික්ක 14 කට හෙට දිනයේ දී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බවත් ජනතාව අතිශයින්ම කල්පනාකාරී විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාප කාලගුණ උපදේශනයෝ පවසති.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට එම දිස්ත්‍රික්ක වේ.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජිවත්වන ජනතාවට උදෑසන කාලයේ මස් පිඬු පෙරලීම, අධික මහන්සිය, විජලනය, ආඝ්‍රාත තතත්වයන් ඇති විය හැකි නිසා ජලය වැඩිපුර පානය කරන ලෙසට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

වැඩිපුර එළිමහනේ රැඳී නොසිටින ලෙසත් හැකිතාත් සෙවණ සහිත ස්ථානවල ගැවසෙන ලෙසත් නිවාසවල සිටින වැඩිහිටියන් සහ දරුවන් ගැන සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More