දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ පසුගියදා දෙරණ රූපවාහිණියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන සටන්පාඨයට වශී වී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන නව ව්‍යවස්ථා මර උගුලට හෝ ඔහුගේ අනුදැනුම ඇතිව අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන 20 වැනි සංශෝධන මර උගුලට පය නොතබන බවය.

තමන් එකග විය යුත්තේ වධායක අගමැති ලෙස පත් වන ව්‍යවස්ථාවකට මිස ව්‍යවස්ථා සංශෝධනයකට නොවන බවත් එසේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 වැනි සංශෝධනයට එකග වන්නේනම් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාවද ඉන් අවසන් වන බවත් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය.

මහින්ද රාජපක්ෂ – අනුර දිසානයකගේ 20 උගුලට පය තියයි කියලා මම නම් හිතන්නෙ නෑ.

මහින්ද රාජපක්ෂ – අනුර දිසානයකගේ 20 උගුලට පය තියයි කියලා මම නම් හිතන්නෙ නෑ.වෛද්‍ය වසන්ත බණ්ඩාර – අලුත් පාර්ලිමේන්තුව(3 කොටස)

Gepostet von Wasantha Bandara am Mittwoch, 6. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More