දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට නොදන්වා එම පක්‍ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩු පක්‍ෂයේ සහකාර සංවිධායක ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ (07දා) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී එම පත් කිරීමට එරෙහිව දැඩි සේ විරෝධය පළ කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු ලබාදුන් එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ප්‍රකාශ කළේ මීට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් 11 වැනිදා සඳුදා සිට අය-වැය විවාදයට සහභාගි නොවී එය වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි.

මෙවැනි වගකීම් සහිත තනතුරක් ලබා දෙනවා නම් ඊට පෙර ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ යුතු බවත් එසේ නොකොට එක්තරා රාජ්‍ය අමත්‍යවරයකුගේ වුවමනාවකට අනුව ලබා දී තිබෙන මෙම තනතුරට එක්සත් ජාතික පක්‍ෂයේ සියලුම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැඩි විරෝධය පළ කරන බවත් එම මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළු ඇතැම් වැය ශීර්ෂ කෙසේ හෝ සම්මත කර ගැනීම සඳහා පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමේ කාර්යය පැවැරීමට මෙම පත් කිරීම සිදුකර තිබේ නම් මෙමඟින් සමස්ත අය-වැයම දැඩි අවදානමකට ලක්ව තිබෙන බවත් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බලහත්කාරයෙන් පාර්ලිමේන්තු කැඳවීමට කිසිවකුට නොහැකි බවත් එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මෙම පත්කිරීමට එරෙහිව ඊයේ (07දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැති කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විරෝධය පළ කළ බවද එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More