දේශීය පුවත්

ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (07 දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වසරේ (2019) ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වීමට නියමිත බවත් එමෙන්ම ඊට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ඇති බවද අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් ජාතික මැතිවරණ දෙකක් නුදුරේදීම පැවැත්වෙන බවත් , අයවැයේ ඉතුරු පොරොන්දු ඉටු කිරීමට යළි තම රජය බලයට පත්වනු ඇතැයි විශ්වාසය ඇතිව මේ අයවැය ඉදිරිපත් කළ බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය හරහා අයවැය ජයග්‍රහණය කිරීමට මෙම සුළුතර ආණ්ඩුවට ඇති අපහසුතාවය පිළිබිඹු වන බව දේශපාලන විචාරකයන් මත පල කරයි.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයාද මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අදහස් දක්වමින් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More