දේශීය පුවත්

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති 30/1 යෝජනාවේ නීතිමය තත්ත්වය අභියෝගයකට ලක් කිරීමට ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය කටයුතු යොදා ඇත.

එල්ටීටීඊ සංවිධානය ළමා සොල්දාදුවන් යොදා ගැනීම, ඇඩොලා බාලසිංහම් ළමා සොල්දුදාවන් දිරි ගැන්වීම පිළිබඳව විශේෂයෙන් කරුණු පැහැදිලි කිරීමටත් එම සංසදය කටයුතු යොදා ඇත.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවැත්වෙන විශේෂ සාකච්ඡුා සඳහා ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය වෙනුවෙන් නීතිඥ ජෙයරාජ් පළිහවඩන, රනිල් ජයනෙත්ති, රියද් අද්මිරාල් සරත් වීරසේකර, වෛi චමීර යාපා, නීතිඥ ටෙනී ප‍්‍රනාන්දු, මහාචාර්ය මෙහෙමුන් සුක්රූ ගුසෙල් සහ බ‍්‍රයන් බස්නායක යන මහත්වරුන් සහභාගි වන බවත් මාර්තු 08 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ඉදිරිපිටදී ශී‍්‍ර ලංකාව තුළ යුද අපරාධ සිදුනොවූ බවත්, සමූල ඝාතන සිදුනොවූ බවත් පෙන්වාදීම සඳහා ප‍්‍රදර්ශනයක් පැවැත්වීමත් කටයුතු සූදානම් කර ඇති බව ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ මාධ්‍ය සම්බන්ධීකාරක රංජිත් සොයිසා මහතා අදහස් දක්වමින් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More