දේශීය පුවත්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා රටවල් කිහිපයක් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට රජය සම අනුග‍්‍රහය දැක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනයට එක්වෙමින් මන්තී‍්‍රවරයා කියාසිටියේ අදාළ යෝජනාව යුරෝපා රටවල් විසින් ලබන 20 වනදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

මෙම යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වුවහොත් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ඉදිරියටත් හිමිවන බව මන්තී‍්‍රවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ ප‍්‍රකාශ කළේ තමන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ආචාර්ය සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මෙවර මානව හිමිකම් කවුන්සිලයට යොමු කරන බවය.

එමගින් ජනාධිපතිවරයා උත්සාහ දරන්නේ ශී‍්‍ර ලංකාවට තනිව රාජ්‍යයක් සේ කටයුතු කිරීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලීමක් කිරීමට බව සුමන්තිරන් මහතා වැබිදුරටත් කියා සිටියේය.

මේ වනවිට මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහය දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වන්නේ දැඩි විවේචනයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More