දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. පොලිසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෝසමක් මගින් ඇප ලැබීමෙන් අනතුරුව ඊයේ (7) අනුරාධපුර උසාවිය අසලදී ය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා.

“පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වුණා. මම කණගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බර පතළ හානියක් නොවී එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරු පැදිය තමයි මගේ වාහනයේ ගැටුණේ.

ඒක තමයි ඇත්ත තත්ත්වය,පොලිසියේ විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා, එතැනින් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා.

මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා.

පොලිසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා.”

දඩමස් ගොරකා කරන්න වලිකන ලාල්කාන්ත

දඩමස් ගොරකා කරන්න වලිකන ලාල්කාන්ත,,,,,,එම කාන්තාව බීමතින් ඇවිත් මගේ වාහනයේ හැප්පුන මම බීමතින් නොසිටි නිසා එම කාන්තාවගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වුනා අන්තිමට කාන්තාව පුම්බපු බැලුම මගේ පිට දාලා පොලීසිය මට නඩු දැම්මා

Gepostet von Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු am Donnerstag, 7. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More