දේශීය පුවත්

ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලද මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි සාම්පල හය 1404-1642 කාලයට අයත් බවට අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තාවට අනුව තහවුරුවේ.

මේ අනුව ඇමරිකාවේ ෆෝරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමති රසායනාගාරයට ලබා දුන් මන්නාරම් සමූහ මිණීවලෙන් රැගත් සාම්ඵල 6ම වාර්ථාව අද දින පසිද්ධියට පත් කරමින් එලි දක්වා තිබුනේ සමූහ මිණීවලේ ඇටසැකිලි වල කාල නිර්ණය අනුව වර්ෂ1400 ත් 1719ත් අතර කාලයේදී බවට පෙන්වා දී ඇත.

මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජ් මහතාගේ නියොග්යන් පරිදි අද දින මෙසේ සමූහ මිණීවලේ කාබන් වාර්ථාවන් ප්‍රසිද්ධියට පත් කෙරුනේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් විසින් මන්නාරම සමූහ මිණීවලේ නඩුව අද (07) දින මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය.

මේ අනුව මන්නාරම් සමූහ මිණීවලේ ඇට සැකිලි පසුගිය යුද සමයේදී සිදු වූ යුද අපරාධයක් යැයි චෝදනා නැගූ පාර්ශවන්ගේ ප්‍රකාශයන් සාවද්‍ය වන බවට ඔප්පු වෙයි.

කෙසේ වෙතත් උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයින් කියා සිටියේ මෙම සමූහ මිණීවල පෘතුගීසි ලන්දේසි සමයේ සිදුවූවක් බවට මේ වන විට ඔප්පු වී ඇති හෙයින් මෙහි කැනීම් ඉදිරියටත් සිදු කිරීම අර්ථ ශූන්‍ය බවටය.

මේ අතර මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් භාර අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ සමූහ මිණීවලේ කැනීම් අධිකරණයෙන් නවත්වන තුරු සිදු කරගෙන යන බවටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් නුදුරේම පැවත්වෙන බවටත්ය.

මේ අනුව මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු 155 වන දිනට සිදු කරන බවටත් එහිදී මළ සිරුරු සැකිලි 329 ක් හමු වී ඇති අතර අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318 කට අයත් සිරුරු අස්ථි කොටස් මේ වන විට ඉවත්කොට මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 29 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද හමු වී ඇති බවට සමූහ මිණීවල භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේය

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, ඇතුලු පිරිසක් විසින් කැනීම් කටයුතු සිදු කරති.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More