දේශීය පුවත්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම නොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිසියට නියෝග කොට තිබේ.

ඒ තමන් අත් අඩංගුවට ගැනිම වළක්වාලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් පනවන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (07) සලකා බැලීමෙන් අනතුරුවය.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හිදි තරුණයින් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයේ 14 වන සැකකරු ලෙසයි හිටපු නාවික හමුදාපතිවරයා නම් කර ඇත්තේ.

2008 සහ 2009 වර්ෂ වලදී කොළඹ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට නම් කර ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු සියලු සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් ඊයේ (06) අධිකරණයට දැනුම් දෙනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More