දේශීය පුවත්

පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය ලබාදී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට දැනුම් දී තිබේ.

සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රක්ෂණය දේශීය සමාගමකට නොදී විදේශීය සමාගමකට දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විරෝධය පළකර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ, දැනටමත් එම රක්ෂණය ක්‍රියාත්මක වන බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More