පුරවැසි කොලම

ඇමරිකාවේ සිට පැමිණ සිය වියත්මග සාමාජිකයන් ඇමතු ගෝඨාභය මහතා “ඔබ සුදානම් නම් මා සුදානම්” බව ප්‍රකාශ කළේය. සමහරුන් කියන්නේ ගෝඨා දැන්ම එළියට නොදැමිය යුතු බවයි. සිරිසේන මහතාගෙ ආදර්ශය අනුව අන්තිම මොහොතේ අපේක්ෂකයා එළියට දැමීම එක උපක්‍රමයක් පමණි. ප්‍රේමදාස හා මහින්ද මොඩලයට අනුව නම් ඔවුහු මැතිවරණයට බොහෝ කලකට පෙර ජනගත වුහ. ගෝඨා හැංගීම රනිල්ගේ අධිකරණ දඩයමේ ගොදුරක් වීම වැලකීම නම් , දැනටමත් නඩු පටන් අරන් ඇති නිසා එය අවලංගු තර්කයක් වේ.

ජනාධිපතිවරණයක් යනු මුළු රටම එකම මැතිවරණ කලාපයක් බවට පත්වන අවස්ථාවකි. එවැනි මැතිවරණයක් ජයග්‍රහණය කිරිම සඳහා ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් බිම් මට්ටම තුල පැවතිය යුතුය. ගෝඨාභයගේ මැතිවරණ සටන කරට ගැනිමට නෙළුම් මාවත සුදානම් ද? නෙළුම් මාවතේ තීරකයා වු බැසිල් රාජපක්ෂටත් ජනාධිපති හීනයක් තදින්ම තිබේ. ඔහු ඉදිරියේ ඇති විකල්ප මොනවාද?

1. බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම

2. ඔහුගෙ අවස්ථාව මෙවර නොලැබුණහොත් ඊළග ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා සැලසුම් කිරිම.

ජනාධිපතිවරණයට තමා සුදුසුම අපේක්ෂකයා තමා බව කීමට බැසිල්ගේ මෝස්ට් ෆේමස් තියරිය සුළු ජාතික චන්ද කතාවයි. “සුළු ජාතික චන්ද දිනා ගන්නේ නැතිව ජනාධිපතිවරණයක් දිනන්න බැහැ” ඔහු මේ ඉන්ජෙක්ෂන් එක හෙමින් සැරේ පොහොට්ටුවේ මහින්ද වාදින්ට එන්නත් කරයි. පාර්ලිමෙන්තුවේ ඉන්න මන්ත්‍රිවරුන්ට මෙන්ම නෙළුම් මාවතට කැඳවෙන පළාත් සභා , ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට මෙන්ම පූජ්‍ය පක්ෂයට හා වෘත්තිය සමිතිවලට ද මේ තෛලයෙන් බෙහෙත් දි ඔලුව සුද්ද කරයි.

ඒ අනුව ගෝඨාට සුළු ජාතික චන්ද දිනිය නොහැකිය. ඒ වැඩෙට නියම සුදුස්සා බැසිල්‍ ය. ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ බැසිල්‍ ය. ඔලුව වටෙන් කරකවා අත එන්නෙ එතැනටය. සුළු ජාතිකයන් දිනා ගතයුතුය. ඔවුනුත් මෙරට චන්දබලය හිමි මවුබිමෙ කොටසකි. එහෙත් බදුරදීන්ට විල්පත්තුව දුන්න න්‍යායෙන්, හකීම්ට හිස්බුල්ලාට පූනානි ශාරියා විශ්ව විද්‍යාලය දුන් න්‍යායෙන් සුළු ජාතින් දිනිය නොහැක. බදුරදීන්ලා, හිස්බුල්ලා සම්භන්ධන්ලා බැසිල්ට සුළු ජාතින් වගේ පෙනුනට ඔවුන් ඩීල් කාරයන් මිසක් බිමේ ඉන්න දෙමළ, මුස්ලිම් මිනිහගේ ප්‍රශ්නය නියෝජනය නොකරති. මේ සුළු ජාතික චන්ද කතාව තුල තව මිත්‍යාවන් රැසක් ඇත. පසුගිය මැතිවරණයට පෙර අලුත්ගම සිද්ධියෙන් මුස්ලිම් චන්ද අහිමි වීම එවැනි කතාවලින් එකකි. මෛත්‍රි- මහින්ද අතර පරතරය සැලකූ විට සියල්ල අලුත්ගමින් අහිමි වු සුළු ජාතික චන්ද වලට ලඝු කරන විට ගම්පහා, කඩුවෙල ,කැස්බෑව හා හෝමාගමින් අහිමී වූ ප්‍රමාණය පිළිබඳව අවධානයක් නැත. ඒ නිසා පානදුර හන්දියේදි හෙල්මට් නැතුව නොව මුහුණටම කෙළ ගසා සිටියත් සුළු ජාතික චන්ද රැකගැනිම සඳහා ඕනම ඉවසීමක් කළ යුතුය. ධර්මපාලතුමා කියු පරිදි සුද්දන්ගෙන් පසු කලු සුද්දන් මෙන්ම යුඇන්පි නොවන රනිල්ලාගේ සුළු ජාතික චන්ද සංහිදියාව රනිල්ගේ යහපාලන සංහිදියාව තරම්ම නිවට වේ.

සුළු ජාතික චන්ද දිනා ගැනීමට මේතරම් උනන්දු බැසිල්ට පොහොට්ටුව හා ශ්‍රිලනිපය වෙන් වෙන්ව ඉල්ලුවහොත් අහිමි වන සියයට 12 ක්වු චන්ද ලක්ෂ පහළොව ගැන තක්සේරුවක් නැත. නැති කමට වඩා එය ගෝඨාට ඇන්න වීමේ උපායකි.
ගෝඨාගෙ මිලිටරි ලුක් එක ප්‍රජාත්‍රන්තවදයට හොඳ නැති බව බැසිලිකාවේ තවත් තියරියකි. අද්මිරාල් සරත් වීරසේකරලා, ජෙනරල් කමල් ගුණරත්නලා ගෝඨා එක්ක හිට ගත්තොත් මිනිස්සු හමුදා ආණ්ඩුවක් ඇතිවෙයැයි බියට පත් විය හැකිය. එහෙත් බැසිල් එක්ක හිට ගන්න වීරසේකරලාටත් කමල් ගුණරත්නට පොලිටිකල් ලුක් එකක් ලැබේ. ඒ අනුව ගෝඨාට වඩා බැසිල් ෂෝක් ය. ජනතා ඉල්ලුම අනුව ගෝඨා ආවොත් පැලැන් B එක ගෝඨාට ඇන්නවීමයි. ඒ අනුව 2025 බැසිල්ට පාර නිරවුල් කර ගැනීමයි. ඒ අනුව පොහොට්ටුව හා ශ්‍රිලනිපය එකතුව කඩාකප්පල් කිරිමෙන් ගෝඨාට 50% ට අහිමි කළ යුතුය. පසුගිය පළාත් පාලන තරඟයේ ප්‍රතිපල අනුව පොහොට්ටුවට හිමි චන්ද ප්‍රතිශතය 40.47 කි. එය 50.1% කිරිම සඳහා සුළු ජාතික චන්ද වලින් කොපමණ ප්‍රතිශතයක් බැසිල්, ගෝඨාට දිනා දෙන්නේද? අතේ තියෙන ශ්‍රිලනිප චන්ද ටිකට පයින් ගසා සියලු අපේක්ෂාවන් සුළු ජාතික චන්ද මත තැබීම, දුවන මුවන් දැක අත නොහරනු නෙළු පලා වලට නොදෙවනි වේ.
බිමි මට්ටමේ ශ්‍රිලනිපය හා පොහොට්ටු සාමාජිකයන් අතර විරසකයක් ඇත්නම් එය සමනය කිරිමට ඇති කේන්ද්‍රීය බලපෑම කළ හැක්කේ බැසිල්ට සහ සිරිසේන ජනාධිපතිවරයාට පමණි. නමුත් නෙළුම්මාවතට එන පළාත් පාලන නියෝජිතයන්ට බෙදන්නේ ශ්‍රිලනිපය, එජාපය හා සමාන හතුරෙකු වැනි තෙලකි. එයින් තුවාලය පෑරෙනවා විනා සුවයක් නැත. මෛත්‍රි මහින්ද සංයෝගයට එරෙහිව බැසිලිකාවේ අලුත්ම සමීකරණයට අනුව එවැනි සන්ධානයක් නියත පරාජයට හේතුවේ.

එනම්
ශ්‍රිලපොපෙ( 40%) + ශ්‍රිලනිප(12%)= 52% න් එවන් සන්ධානයක් නිසා ශ්‍රිලනිප හා පොහොට්ටුවෙන් ගැලවෙන කඩුවෙල බුද්ධදාස සහ ප්‍රසන්න රණතුංගලා නිසා අහිමි වන ප්‍රමණය 10%කි. ඒ නිසා එකතු වුණත් වැඩක් නැත.
මින් පෙර අවස්ථාවක පළාත් පාලන විජයග්‍රහණයෙන් පසුව ශ්‍රිලනිප පාර්ලිමේන්තුව මන්ත්‍රිවරු කිහිප දෙනෙක් පොහොට්ටුවට ඒමට සුදානම් වු අවස්ථාවේදි, එයට එම ප්‍රදේශවල පොහොට්ටු පළාත් පාලන මන්ත්‍රිවරුන්ගෙන් විශාල විරෝධයක් මතුවිය. ඔවුන් පොහොට්ටුව සමග මහින්ද දිනවීමට වැඩ කරද්දි ආසනයේ මන්ත්‍රිවරයා ජනපති සමග යුඇන්පි ආණ්ඩුවේ කොටස් කරුවකු වීම එම විරෝධයට හේතුවයි. මේ විරෝධය ගැන මහින්ද දැක්වුයේ “ජාතික දේශපාලනය වෙන එකක්” යන ප්‍රතිචාරයයි.
මහින්ද දන්නා බැසිල් හංගන මේ ජාතික දේශපාලනය කුමක්ද? මෛත්‍රීගෙ අවුරුදු තුනක කෙණහිලි කම් මැද “මම තවමත් ශ්‍රිලනිපයේ අනුශාසක” කී මහින්ද , අගමැතිකම දී ආණ්ඩුවක් හදන්න දීපු අත එකවරම හපා කෑවේ එතෙක් ශ්‍රිලනිපයේ තිබු සාමාජිකත්වය අතහැර පොහොට්ටුවට යෑමෙනි. නෙළුම්මාවතේ ඒ උපාය මාර්ගය කුමක්ද?

කේසර ඇල්ලේපොළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More