දේශීය පුවත්

කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.

රීපාදයේ නම ‘ශිව පාදම්’ ලෙස වෙනස් කරයි.. යෝජනාව සභාවේ අනුමතවෙයි..

මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට තිරණය කර තිබේ.

ඒ අනුව මේ වන විටත් එම ස්ථානයේ නාමපූරුවක් ඉදිකරීම ආරම්භකර ඇත.මින් පෙර මෙම ප‍්‍රදේශය අයත්ව තිබුනේ අඹගමුව ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශයට වන අතර,සීමා නිර්ණය කිරීමේදී මෙම ප‍්‍රදේශය මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට හිමි විය.

වසර 2000 කට වැඩි කාලයක් ලෝකවාසී බෞද්ධයන් විසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ස්පර්ශය ලබූ පූජනීය ස්ථානයක් වශයෙන් සැලකුනු ශ‍්‍රී පාදයෙහි ඵෙතිහාසික වටිනාකම නොසලකා මෙම නම වෙනස් කිරීම සිදුකර ඇති බව පෙනේ.

ප‍්‍රාදේශීය සභා බල සීමාවකට අයත් වුවද ජාතික හා ආගමික වශයෙන් වැදගත් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වැනි පුදබිමක නම එසේ වෙනස් කිරීමට ප‍්‍රාදේශීය සභාවකට හැකිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 9 වන වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප‍්‍රමුඛතාවයේ ඵලය කුමක්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයේ දී මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් මංතී‍්‍රවරු 7 දෙනෙකුත්,එක්සත් ජාතික පක්ෂයෙන් මංතී‍්‍රවරු 7 ක් ද,පොදුජන පෙරමුණෙන් 1 මංත‍්‍රීවරයෙකු ද තේරීපත් විය.

– colombotoday



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More