දේශීය පුවත්

උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත‍්‍රාත් ශ‍්‍රිනිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය.

මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත.

උඩුනුවර ගම්හත බඹරදෙනිය ප‍්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්‍ෂාවේදී දෙදෙනා ළ`ග හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත.

ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.

ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබා දෙන බවද ඇය පොලිසියට පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More