දේශීය පුවත්

එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කළේය.

ඔහු මේ බව පැවසුවේ බදාදා (මාර්තු 06) මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදීය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල, පොලීසියේ ක්‍රියා කලාපය, ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු ඇතුළු කරුණු ගණනාවක් ගැන මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ.

ඒ අතර ප්‍රධාන වශයෙන් ජිනීවා මානවහිමිකම් යෝජනා පිළිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ “අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 10ක් ගතවෙලා නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනාම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා,” යනුවෙනි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තමන් නියෝජනය කිරීම සඳහා ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් පිටත්කර යවා ඉහත ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ද ජනපතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More