දේශීය පුවත්

කාන්තාවන්ට විපත් ගෙන දුන් සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස බලකරමින් ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතන්ගේ එකතුව සමාජ ක්‍රියාකාරිකයන් සමග එක්ව ඊයේ (06) දිනයේ කොළඹ මරදාන සාමයික කේන්ද්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ එකමුතුව, ප්‍රගතිශීලී ගොවි සම්මේලනය වෙනුවෙන් කවුඩුල්ලේ ජයතිස්ස, නෙළුම්යාය පදනම වෙනුවෙන් නීතීඥ රදිකා ගුණරත්න, ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් චින්තක රාජපක්ෂ, නීතිය හා සමාජ භාරය වෙනුවෙන් නීතීඥ විදුර මුණසිංහ සහ විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙහිදී අදහස් දැක්වීමට සඳහා එක්ව සිටියහ.

ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදුන් ජනගහනය ලක්ෂ 28 ක් වන අතර, එයින් ලක්ෂ 24 ක් ම කාන්තාවන් බව පෙන්වා දුන් චින්තක රාජපක්ෂ, ඔවුන් අතරින් තෝරාගත් පවුල් 45,000කට ක්ෂුද්‍ර මූල්‍ය ණය සහනය ලබාදීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩි සේ විවේචනය කළේය. ඉදිරියේදී මේ ප්‍රශ්නය රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, බහුජන සංවිධාන, ගොවි සංවිධාන වෙත ද පුළුල් කරමින් දැවැන්ත ජනතා බලවේගයක් නිර්මාණය කරන්නට නියමිත බව ද චින්තක රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

පොළොන්නරුවේ සිට පැමිණි ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස මෙහිදී අවධාරණය කළේ මාර්තු 8 වැනිදා කාන්තා දිනය වෙනුවෙන් හිඟුරක්ගොඩ නගරය සහ තවත් ස්ථාන දෙකක විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන බවයි. ඉදිරියේදී මෙම කාන්තාවන් දහස් ගණනින් කොළඹට පා ගමනින් පැමිණ දින 12 ක් වාඩිලාගෙන උපවාසයක යෙදීමට නියමිත බවත්, මරණය දක්වා මේ වෙනුවෙන් සටන් කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

LNW



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More