දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (06දා) ජනතා විමුක්ති පෙරමුණ හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් සිදුවිය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු එක්වූහ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා එම සාකච්ඡාවට මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම එක්වූහ.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 06ක් ගතවී තිබෙන බවත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පක්‍ෂ නායකයන්ට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විවාදය සඳහා ගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මේ නිසා පාර්ලිමේන්තුව තුළ මෙය සිරනොකර ඉදිරි කටයුතු සිදුකිරීමට අද (06දා) විපක්‍ෂනායකවරයා සමග සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය අප රටට ගැළපෙන බවට විශ්වාස කරන බවද මෙම සාකච්ඡාවෙන් පසු ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් තිබුණද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග විධායක ජනාධිපති ක්‍රමය බැඳී තිබෙන බැවින් ඒ පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතු බවට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

එබැවින් තමන් වටා සිටින පක්‍ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන්ට පවසා ඇත.

මහින්ද-ජවිපෙ සාකච්චා අවසන්

මහින්ද-ජවිපෙ සාකච්චා අවසන්

Gepostet von Lanka Lead News am Mittwoch, 6. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More