දේශීය පුවත්

2019 අයවැය ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කළ අය වැයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත.

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

ජනතාවට සහන රැසක් ලබා දෙන බවට මාස ගණනක් තිස්සේ සිට පාරම්බෑ අය වැය පාර්ලිමේන්තුවට ඊයේ දිනයේ ඉදිරිපත් කර අතර එම අයවැය මගින් ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු සදහා විසදුම් බලා දී නැත. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පිළිබදව කිසිදු සදහනක් නොමැති මෙම අය වැයෙන් මුදල් ඇමතිවරයා සහන ලබා දී ඇත්තේ ගල් අරක්කු පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ට පමණි. ඒ අනුව අපට මුදල් ඇමතිවරයාගෙන් ඇසිය යුත්තේ මේ රටේ ජනතාවට තිබෙන එකම ගැටලුව ගල් අරක්කු මිල වැඩිවීම පමණක්ද යන්නයි.

දිනපතා අධිවේගී මාර්ගය භාවිතා කරනු ලබන විශාල පිරිසක් සිටින අතර අධිවේගී මාර්ග ගාස්තු වැඩි කිරීම මගින් සාමාන්‍ය ජනතාවට අධිවේගී මාර්ග භාවිතා කිරීම නවතා දැමීයට සිදුව ඇත. දුප්පතාගේ වාහනය වන ත්‍රීරෝද රථ මිල හා කුඩා කාර් රථ සදහා පනවනු ලද බදු මුදල් කිසිසේත්ම අනුමත කල නොහැක.

පරිසරය සුරකීම සම්බන්ධයෙන් වන යෝජනාව පමණක් අර්ථාන්විත වන අතර අනෙක් සියලු යෝජනා පාරිභෝගිකයාට එතරම් වැදගත් වන බවක් පෙනෙන්නට නැත.

මුදුණ කඩදාසි සදහා වන බදු මුදල් අඩු කොට පුවත්පත් මිල ගණන් අඩු කරාවියැයි පාරිභෝගිකයා බලා පොරොත්තු විය. එහෙත් එසේ සිදුවූයේ නැත. අන්තර්ජාල ගාස්තු හා දුරකතන ගාස්තුද එසේමය.

කෙසේ වෙතත් අප මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය දුව්‍ය මිල අඩු කිරීමට අවශ්‍ය ක්‍යාමාර්ග වහාම ගන්නා ලෙසය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More