දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ ජගත් කාන්තා දින සමරුවක් අද (06) කොළඹ පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පැමිණි පිරිස පිළිගැනීම ලක්මව දියණියෝ සංවිධානයේ ලේකම් හෂිනි සිල්වා මහත්මිය විසින් සිදු කරන ලදී. අරමුණු පැහැදිලි කිරීම එම සංවිධානයේ ජාතික සංවිධායිකා, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් සිදු කළ අතර ඉන් අනතුරුව මෙම සමරුවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවල සුබ පැතුම් එක් කිරීම සිදුවිය. එ් අනුව ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් එහි කාන්තා සම්මේලනයේ ජාතික සංවිධායක ලේකම් මාලිනී රත්නායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ කාන්තා අංශය වෙනුවෙන් ශරීනා ලතීෆ්, මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් නාගරික මන්ත්‍රිනී සාවිත්‍රී ගුණසේකර, පිවිතුරු හෙළ උරුමයේ කාන්තා අංශය වෙනුවෙන් නාගරික මන්ත්‍රිනී වේහැල්ලගේ සුමිත්‍රලතා යන මහත්මීහු සුබ පැතුම් එක් කළහ.

ඉන් අනතුරුව ලක්මව දියණියෝ, රට සුරකින පංච මහා ප්‍රතිඥාවක් අනුව කටයුතු කරන බවට ජාතික කොඩිය සුරතෙහි දරමින් සපථ කර සිටියහ. සමරු දේශනය ජානිපෙ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජානිපෙ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, වුෂු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජය ගෙන ආ ක්‍රීඩා උපදේශිකා මල්කි මධුවන්ති, ප්‍රවීණ ලේඛිතා කරුණා පෙරේරා, එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතින‍ි ඩල්සි සිල්වා, ප්‍රවීණ මාධ්‍යවේදිනී මනෝරා ප්‍රේමතිලක, ලක්දිරිය පදනමේ සභාපතිනි දීපිකා දිලානි පින්තු, ව්‍යාපාරික ප්‍රියන්ත විජේරත්න යන මහත්ම මහත්මීහු ද ලක්මව දියණියෝ දිස්ත්‍රික් නායිකාවෝ ඇතුළු දිස්ත්‍රීක් ක්‍රියාකාරිනියෝ ද එක්ව සිටියහ.

උදේ පටන් සවස් වනතුරු ගෙදරදි අපි රුපියල අවප්‍රමාණය කරන විදිය

උදේ පටන් සවස් වනතුරු ගෙදරදි අපි රුපියල අවප්‍රමාණය කරන විදිය129 වැනි ජාත්‍යන්තර කාන්තා දිනයේදීවිමල් කියයි

Gepostet von Lanka Lead News am Mittwoch, 6. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More