දේශීය පුවත්

ඒකාබද්ධ විපක්‍ෂයට අයත් පක්‍ෂ නායකවරුන් සමඟ ඊයේ (05) සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද දින පැවැත්වීමට නියමිත හමුව පිළිබදවද සාකච්ඡා විය. එහිදී විපක්‍ෂ නායකතුමා ප්‍රකාශ කර සිටියේ විපක්‍ෂ නායකවරයා වශයෙන් විපක්‍ෂයේ සිටින සෑම පක්‍ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද දින යෝජිත සාකච්ඡාව පැවැත්වෙන බවත් ටී එන් ඒ ඇතුළු වෙනත් විපක්‍ෂ කණ්ඩායම්ද ඉල්ලීමක් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද දින ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමාද සහභාගී වන බව විපක්‍ෂ නායකතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More