දේශීය පුවත්

මාර්තු 13 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තුළ ප්‍රබල බෙදීමක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එදිනට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, පාලිත රංගේ බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන, හේෂා විතානගේ, චමින්ද විජේසිරි මහාචාර්ය ආශු මාරසිංහ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

නමුත් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ක්‍රියා නොකරන බවයි. එවැනි තීරණයක් එක්සත් ජාතික පක්‍ෂය විසින් ලබාගෙන නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More