ව්‍යාපාරික පුවත්

රජයේ ආදායම් ඉහල දමා ගැනීම සඳහා විවිධ ගාස්තු ඉහල දමා ඇති අතර විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, මත්පැන් දුම්වැටි බදු, අධිවේගී මාර්ග ගාස්තු, අන්තර්ජාල ගෙවීම් ගාස්තු ඇතුලු බදු හා ගාස්තු විශාල ප්‍රමාණයක් ඉහල දමා ඇත.

ඒ වාහන බදු වලට අමතරවය.

2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා දැනට අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 ක් දක්වා වැඩි කර ඇත.

මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දැනට පවතින ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 ක් දක්වාද, එක්දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව රු. 10,000 සිට රු. 15,000 ක් දක්වා ද මෙවර අයවැය යෝජනා අනුව ඉහළ දමා තිබේ.

2019 අය වැයෙන් දුම්වැටි හා මත්පැන් මිලද ඉහළ දමා තිබේ.

ඒ අනුව සිගරට් එකක් මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 5කින් වැඩිකොට ඇති අතර, මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක් මත නිෂ්පාදන බද්ද රුපියල් 63කින් හා ධන්‍ය මත්පැන් මිලි ලීටර් 330ක කෑන් එකක් මත නිෂ්පාදන බද්ද රුපියල් 9කින් වැඩි කරතිබේ. කෙසේ වෙතත් ගල් අරක්කු බෝතලයක මිල ඉහළ නොයන බවද අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

කාර්ය බහුල වේලාවන්හිදි අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවලින් අයකරන ගාස්තුව ඉහල දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කරයි. ඒ අනුව කාර්යබහුල වේලාවන්හි එම මාර්ගවල ගමන් කරන වාහනවලින් රුපියල් 100ක අමතර ගාස්තුවක් අය කිරීමට නියමිතය.

විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් (ණයපත් හා හරපත්) භාවිත කර ලබා ගන්නා අන්තර්ජාල සේවාවන් ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකිරීමටද යෝජිතව ඇත.

තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථීක සේවා බද්ද සංශෝධනය කිරීමට කටයුතු කිරීමට නියමිත අතර පළතුරු බීම, මත්පැන් සහ දුම්කොළ ඇතුළු තෝරාගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව පනවා ඇති රේගු ආනයන බදු 2019 මාර්තු මස 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

කැසිනෝ මත පනවන ලද වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කරන අතර රුපියල් මිලියන 1 ක රුජිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් හඳුන්වා දෙනු ලැබේ.

පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ /නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 කින් ඉහල දමා ඇති අතර 2019 ජූනි මස 01 දින සිට කැසිනෝ සඳහා ඇ. ඩොලර් 50 ක ඇතුල්වීමේ ගාස්තුවක් අය කෙරේ.

ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපාර මගින් අලෙවිකරනු ලබන රෙදිපිළි මත පනවන අගය එකතු කිරීමේ බද්ද, උද්ධමනය මත පදනම් වූ දර්ශකයක් පාදක කරගෙන ඒකකයට රුපියල් 75 සිට රුපියල් 100 දක්වා 2019 ජූනි මස 01 දින සිට බලාත්මක වන පරිදි වැඩි කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් මෝටර් රථ විශේෂ අංක තහඩු සඳහා වන ගාස්තු 2019 ජූනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි වන පරිදි වැඩි කර ඇත.

එමෙන්ම 2016 වසරේ සිට සංශෝධනය කොට නොමැති සියලූම ගාස්තු හා අය කිරීම් 15% කින් වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More