දේශීය පුවත්

ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර සිටි ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා වහාම ක්‍රියා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මුදල් අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගමේ LP ගෑස් සැපයුම්කරුව OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලයලත් දේශීය නියෝජිතයා වශයෙන් 2018 වසර දක්වාම ක්‍රියා කළ අයකු බව මාධ්‍ය වාර්තා කිරීමත් සමගය.

සම්මුඛ සුන්දර මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ අමාත්‍යවරයකු විසින් මුදල් අමාත්‍යවරයාට ඔහු සම්බන්ධයෙන් කළ නිර්දේශයකට අනුව බව ද පැවසේ.

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලය ලත් දේශීය නියෝජිත ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා අයතා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති බවට ලංකා ලීඩ් නිව්ස් අප විසින් මුල් වරට සියලු ලිපිලේඛන සහිතව පසුගිය(04) වනදා හෙළිදරව් කරන ලදි.

මෙම හෙළිදරව්වෙන් පසු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයකම මංගල සමරවීර මහතා විසින් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් පුවත් පළ වූ අතර මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා මාධ්‍ය හමුවක්දී මේ පිළිබදව විශේෂ හෙළිදරව්වක් ද සිදු කර තිබුණි.


සබැඳි පුවත්
ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට මුදල් ඇමති මංගල සමරවීරගෙන් අයතා පත්වීම්

ලිට්ට්‍රෝ සමාගමේ අයතා පත්වීම් ගැන පියවර ගන්න…! මහජන අයිතීන් සුරැකීමේ පදනම ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More