දේශීය පුවත්

පන්නිපිටියෙන් කොල්ල කා දියමන්තිය බව කියන පානදුර කෙසෙල්වත්තේ නිවසක තිබී පොලිස් අත්අඩංගුවට ගත් දියමන්තිය ගත් සැකකරු මකාදුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවූ මහ මොලකරු බව විමර්ශන වලදී හෙළිවී ඇත.

කැලුම් ඉන්දික සම්පත් (40) නමැති මෙමෙ අසකක්රු කිරිබත්ගොඩදී පැලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකය මගින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම දියමන්තිය සමඟ රුපියල් කෝටි එකහාමාරක මුදල් හා රත්තරන්, ජීව උන්ඩ තොගයක් හා ජංගම දුරකථන තොගයක් සොයාගෙන ඇත.පානදුර කෙසෙල්වත්ත තක්සලා හරස් පාරේ කාන්තාවකට මෙම දියමන්තිය සඟවා තබන්නට භාරදුන් බවට සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත එහි ගොස් මෙය සොයාගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටියේ ඇරැව්වලින් මෙම දියමන්තිය කොල්ලකම සඳහා කණ්ඩායම් යොදවා ඇතැයිද හිලිවී ඇත.

මොහු මාකඳුරේ මධුෂ් දකුණු පළාතට එවන කුඩු තොග කොළඹට ගෙනවිත් තොග ලෙස විකුණා එකතු කරන මුදල් ඩුබායි වලට යැවීමට රහසිගතව ක්‍රියාත්මක වූ ප්‍රබලම චරිතයක් බව හෙළිවී ඇත.

බස්නාහිර උතුර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග යටතේ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරී රන්ජිත් මාසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැලුම්,උප පොලිස් පරීක්ෂක සමීර, කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන්වරුන් ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More