දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ කැරලිකරුවන්ගෙන් ශ‍්‍රී ලංකා භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවි පිදූ, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ක්‍රියාත්මක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන 2019 වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රණවිරු සැමරුම් වසර ප‍්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමීව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් මාර්තු 5 අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පලඳවා ඇත.

2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගන්වා ඇති අතර ජනාධිපතිතුමා එය රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දී තිබේ.

ඉන් අනතුරුව 2019 රණවිරු කොඩි ජනාධිපතිතුමා අතින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාර කෙරුන බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, විජයදාස රාජපක්ෂ, මහින්ද අමරවීර යන මහත්වරුන් ද පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More