දේශීය පුවත්

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන දේශපාලන රැලියට පැමිණෙන ලෙස ආරාධනා ලැබී නොමැති බවත්, ආරාධනාවක් ලැබුණද තමන් සහභාගි නොවන බවත් හෙතෙම පවසා සිටියේය.

දේශපාලන වේදිකාවලට නැගීමට කල්වැඩි බවත්, එහෙත් අවස්ථාව පැමිණි පසු දේශපාලන වේදිකාවලට ගොඩවන බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

පසුගියදා කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

රටම වෙනසක් ඉල්ලමින් තිබෙන බවත්, එහෙත් මෙවර ඉදිරිපත් කරන අයවැය තුළින් ඒ වෙනස සිදුකළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය. මෙරට ආර්ථිකය ගොඩනැගීමට නම් පවතින ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නිවැරදි මාර්ගයක පවත්වාගත යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More