දේශීය පුවත්

2019 වසර සදහා වන අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

මෙහිදී ක්ෂේත්‍ර රැසක් සහන යෝජනා කළ අතර නව ආයෝජන සඳහා දිරි ගැන්වීම් රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබුණි.

එහිදී සිලින්ඩර ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500,000 කින් ද වැඩි කර තිබේ.

සිලින්ඩර ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 250,000කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 500,000 කින් වැඩි කෙරේ.

මේ අතර කිලෝ වොට් 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කිනි අඩු කර තිබේ.

සිලින්ඩර් ධාරිතාව 200 ක් වන ත්‍රීරෝද රථ මත නිෂ්පාදන බද්ද රුපියල් 60,000 කින් වැඩි කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More