දේශීය පුවත්

අයවැය යෝජනා – (update)

March 5, 2019 3:03 pm | Lanka Lead News

2019 අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. 2018 අග ඇතිවූ ව්‍යාකූලත්වයෙන් පසු ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැවත ඇති අතර. නිදහසෙන් පසු අඳුරුතම දින 51න් පසු ස්ථාවරත්වය ඇති කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.5%කින් ඉහළ ගියා.

2017 දී ප්‍රාථමික ඉතිරි කිරීමේ ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණා. ඒ ප්‍රථම වතාවටයි.

පොහොසත් සමාජයක් අපේ අපේක්ෂාවයි.

ගම්පෙරලිය සංවර්ධවන වැඩසටහනට රුපියල් මිලියන 48,000ක්.

ආගමික ස්ථාන සංවර්ධනයට වෙන් කෙරුණු මුදල රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා ඉහළට.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙනවා.

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති බදු අඩු කිරීමට යෝජනා.

නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට වැඩ කරන බැංකු නිලධාරීන් ඉන්නවා. ඒ ගැන දැනුම් දෙන්න විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා. 1925 යන අංකයට දැනුම් දුන් විට මට සහ අදාළ බැංකුවට තොරතුරු යනවා.

ආදර්ශ කෘෂි උද්‍යාන ඇති කරනවා.

පසු අස්වනු හානිය අවම කර ගැනීමට කාර්යක්ෂම හා ඵලදායී ගබඩා ඇති කළ යුතුයි.

ගබඩා පහසුකම් ඇති කිරීමට පෞද්ගලික ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා. පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනවා.

රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා රු මිලියන 800ක්.

පොල් හා මැටි කර්මාන්තවලට ඇති නීතිමය බාධා ලිහිල් කෙරේ.

කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පුහුණු කිරීම්වලට රු මිලියන 75ක්.

වතු කම්කරු ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබා දෙනවා.

නොමිලේ කිරි වීදුරුවක් සියලුම ග්‍රාමීය පාසල් දරුවන්ට ලබා දෙනවා.

නව ධීවර තොටුපල දෙකක් වෙනුවෙන් රු බිලියන 1.3ක්.

වැසිකිලි කැසිකිලි සංවර්ධනය සඳහා මිලියන 4000ක් විශේෂයෙන් වෙන් කිරීමට පියවර.

ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවට වැසිකිලි පහසුකම් නෑ. හම්බන්තොට පමණක් ලක්ෂයකට පමණ වැසිකිලි පහසුකම් නෑ. මොණරාගල වැසිකිලි නැති ගෙවල් 25,000ක් තිබෙනවා.

මේ වසර අවසන් වන විට වැසිකිලි පහසුකම් නැති ගෙවල්වලට වැසිකිලි ලබාදීමට රුපියල් මිලියන 4000ක් වෙන් කරනවා.

සෑම ප්‍රධාන බස් නැවතුම්පොළවල්වල සහ දුම්රිය ස්ථානවල පිරිමි, ගැහැණු සහ ආබාධිත අයට වැසිකිලි සකස් කර ඒවා කරගෙන යෑමට පෞද්ගලික අංශයට බාර දෙනවා.

පෞද්ගලික අංශයේ මව්වරුන්ට මාස 3ක අතිරේඛ ප්‍රසූත නිවාඩු දීමට දිරි ගැන්වීම්.

ආබාධිත අයට ගෙවන දීමනාව රු 3000සිට 5000දක්වා ඉහළට.

වකුගඩු රෝගීන් සිටින පවුල් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක්.. රුපියල් මිලියන 1840ක් වෙන් කෙරේ.

හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක්.

ප්‍රසූත නිවාඩු මාස තුනක් ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා. ප්‍රසූත නිවාඩු මාස හතර දක්වා ලබා දෙන්නේ නම් අතිරේක අඩු කිරීම සියයට සියය දක්වා ලබා දෙනවා.

​සේවයකන් 250ට වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පෞද්ගලික ආයතනවලට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රැකවරණ සහන ණය ලබා දෙනවා.

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට දැනට ගෙවන රුපියල් 3000ක මුදල රුපියල් 5000 දක්වා වැඩි කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 4320ක් වෙන් කරනවා.

නිධන් ගත වකුගඩු රෝගීන්ට දැනට රුපිල් 5000ක් දෙනවා. එහි පොරොත්තු ලේඛනය අඩු කිරීමට තවත් රෝගීන් 5000කට එම දීමනාව ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කරනවා.

නව විවාපත් යුවලවලට හෝම් ස්වීට් හෝම් නිවාස ණය වැඩපිළිවෙලක් 6%ක පොලියකට.. අවු 25කින් ගෙවීමට හැකියාව.

නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 රුපියල් මිලියන 24000ක් වෙන් කර තිබෙනවා.

විදේශ ශ්‍රමිකයන්ට…සිහින මාලිගා නිවාස ණය ක්‍රමය – වසර 15කින් ගෙවීමට හැකිවන පරිදි.. මිලියන 10ක්.

බිංගිරි වෙළද කලාපය සංවර්ධනයට රු මිලි 500ක්.

වරාය හා ගුවන් තොට සංවර්ධනයට 2.5%කින් බදු අඩු කෙරේ.

ආනයනික නිෂ්පාදන ඇතුළු සියලුම නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතය ඇති කරන්න අවශ්‍ය පියවර ගන්නවා.

පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනවා.

මුදල් අමාත්යාංශය සඳහා ආදායම් පරිපාලක ඒකකයක් පිහිටුවීමට පියවර.

පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනවා.

මුදල් අමාත්යාංශය සඳහා ආදායම් පරිපාලක ඒකකයක් පිහිටුවීමට පියවර.

හොඳම ප්‍රතිඵල ගන්නා ශිෂ්‍යයන්ට ලොව හොඳම සරසවි වල අධ්‍යාපන වරම්.. මේ වසරේදී 14 දෙනෙකුට එලෙස අවස්ථාව.

පෙරපාසල් නියාමනයට නෛතික රාමුවක්.

අන්තර්ජාලය ඔස්සේ නවාතැන් වෙන් කිරීමට අවසර දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියා ලියාපදිංචි කාමර පහකට වැඩි නවාතැන්පොළවල්වලට පමණි.

සරසවිවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25000ක්.

විදෙස් ශිෂ්‍ය සංචාරකයන්ට ප්‍රවේශපත් ගාස්තුව 50%කින් අඩු කෙරේ.

පාසල් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 32000ක්.

හෝටල් නවීකරණය සඳහා අවශ්‍ය වන තෝරාගත් අයිතිම කිහිපයක් සඳහා සෙස් බද්ද අඩු කෙරේ.

රුහුණු සරසවියට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්.

මිලි 1.1 ක පොලීරහිත වසර 12කින් ගෙවිය හැකි ණය ව්‍යාපෘතියක්.

සෑම දරුවකු සඳහාම වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම සඳහා වන වැඩසටහන ආරම්භ කිරීමට තවදුරටත් සහාය දෙනවා. විද්‍යාගාර, ගුරු නිවාස ආදිය දියුණු කිරීමට රුපියල් මිලියන 32000ක් වෙන් කර තිබෙනවා.

උසස් පෙළින් ඉහළින්ම සමත්වන සිසුන්ට අරමුදලක් ඇති කරනවා. අධ්‍යාපන විශිෂ්ඨත්වය සඳහා මේ අරමුදලින් සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට අවස්ථාව ලබා දෙනවා. 2019 අගෝස්තු මාසයේ දී හොඳම ප්‍රතිඵල ලබා ගන්නා 14 දෙනකුගෙන් මේ වැඩසටහන ආරම්භ කරනවා.

දෙමළ භාෂා ගුරුවරු පුහුණුවට මිලි 400ක්.

කෘෂිකර්මය, සත්ව පාලනය, විසිතුරු මසුන් වගාව, ඩෝසර් භාවිතය ආදිය පුහුණු කිරීමට යුද හමුදාව ඉදිරිපත් වී සිටිනවා. එන්වීකිව් සහතික දෙන මෙම පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරුවල ඇති කරනවා. ක්‍රීඩාවලින් ඉදිරියට යන තරුණ තරුණියන්ට නොමිලේ යුද හමුදා කඳවුරුවල පුහුණු අවස්ථාව දෙන ක්‍රමයක් ඇති කරනවා.

අපොස උසස්පෙළට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට මයි ෆියුදර් නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා.

ප්‍රාථමික සුව සත්කාරක වැඩපිළිවෙල සඳහා රු මිලි 1625ක්.

අපොස උසස්පෙළට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට මයි ෆියුදර් නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා.

රු මිලි 600ක් සුවසැරියට…. නව නැවතුම් ස්ථාන 300ක් සංවර්ධනය කෙරේ.

අලි මිනිස් ගැටුම වැළැක්වීමට මෙවර අයවැයෙන් විශේෂ අවධානයක්.

සුඛිත පුරවර ව්‍යාපෘතිය සඳහා රු මිලි 3000ක්.

බේරේ වැව පවිත්‍ර කිරීමට ව්‍යාපෘතියක්.

බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්ථනය කර සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කරයි.

අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.

ක්‍රීඩාව සඳහා දැනටමත් රුපියල් මිලියන 3800ක් වෙන් කර තිබෙනවා. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය සහ කොලොන්නාවේ මල්ලිමආරච්චි ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 300 බැගින් වෙන් කරනවා.

රථවාහන තදබදය අඩු කිරීම – ජී.පී.එස් මගින් බස් රථවල තොරතුරු මගියාට සම්ප්‍රේෂණයට වැඩපිළිවෙලක්.

කොළඹ ගංවතුර කළමනාකරණයට රුපියල් මිලියන 10900ක් වෙන් කර ඇත.

පානීය ජල අවශ්‍යතාවයක් සපුරාලීමට මිලියන 45000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා.

රථවාහන තදබදය අඩු කිරීම – මගියාට හිතකර බස් රථ වෙනුවෙන් සිටි රයිඩ් නමින් ණය ක්‍රමයක්.. බස් හිමියාගේ ණය පොලී සඳහා 75% ක සහනයක් රජයෙන්.

බස් ගමනාගමනය ජාල ගත කරනවා. ඒකාබද්ධ බස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 1300ක් වෙන් කරනවා.

පානීය ජල අවශ්‍යතාවයක් සපුරාලීමට මිලියන 45000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා.

රු බිලියන 40ක් රජයේ සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන්.

ජුනි සිට රජයේ සේවක වැටුපට රුපියල් 2500ක්.

ග්‍රාමීය මාර්ග ඉදි කිරීමට සංවර්ධනයට රුපියල් මිලියන 10,000ක් ඉදි කරනවා.

හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව 100%කින් ඉහළට.

2016 ජනවාරියට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප වෙනසේ ගැටලුව නිරාකරණය කරෙයි. ඒ සඳහා තවත් රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙයි. විශ්‍රාමිකයන් 585000කට මෙයින් ප්‍රතිලාබ ලැබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More