දේශීය පුවත්

තව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාතාමකව බලද්දි බරපතළ අයවැය පරතරයක් තියෙනවා යැයි පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.

ඔහු මේ බව සඳහන් කළේ අද (5) පැවති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමිනි.

එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,

“අයවැය සම්මත කරගැනීම දක්වා ආණ්ඩුවට අභියෝග දෙකක් තියෙනවා. අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන දේ සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් තියෙනවා.

පිරිසක් අයවැයට සහාය නොදෙන බවත් කියනවා. විපක්ෂය ලෙස අපි කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අයවැය කියලා දෙකක් නැති බවයි. අපි අයවැය පරාජය කරන්න පියවර ගන්නවා. ස්වයං රැකියා ඇති කරනවා ඉඩම් ඔප්පු දෙනවා වැනි දේ කිව්වට ඒ දේවල් කරන්න තරම් තත්ත්වයක් රටේ ගොඩනැගිලා නැහැ.

කුරුණෑගල වෙළඳ කලාපය විවෘත කරන්න ගිහින් අගමැතිවරයා කියනවා හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සහලින් රට ස්වයං පෝෂිත කළේ තමන් බව. අලුතින් වික්‍රමසිංහ රජු ලෙසයි දැන් හදුන්වන්නේ. එතුමා සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපළේත් වී පිරෙව්වේ” යනුවෙන් ඔහු පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More