මුහුණු පොතෙන්

බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට ඇගළුම් ක්ෂේත්‍රය හා සම්බන්ධ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන කීපයක් හෙළා දැක තිබෙනවා. ඊයේ (04) පස්වරුවේ පැවති එම උත්සවයට සහභාගී වුනු අග්‍රාමාත්‍යවරයා ඉතා සැහැල්ලුවෙන් සහ සිනහ මුසු ස්වරයකින් කියා සිටියේ ” කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා‘‘ යනුවෙනි.

අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද එම ප්‍රකාශය කාන්තාවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසින් විග්‍රහ කරන ඇතැම් කාන්තා සංවිධාන පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිසා විශේෂයෙන්ම ඇගළුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් අපහසුතාවයට පත්වන බවයි. කටුනායක ආයෝජන කළාපය මුල් කරගනිමින් එහි සේවිකාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අගමැතිවරයා මේ පිළිබඳව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවයි.

එසේම එම සංවිධානයේ සම්බන්ධීකාරක චමිලා තුෂාරි බීබීසී පුවත් සේවය සමඟ ප්‍රකාශ කර තිබුනේ ආයෝජන කළාප වල සේවය කරන කාන්තාවන්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විශාල වියදමක් දරා සිදුකරන වැඩසටහන් වලට ද එම ප්‍රකාශයෙන් විශාල හානියක් සිදුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර තිබුණේ යාපනයේ සිට ඇඟලුම් ක්ෂත්‍රයේ රැකියාවලට ගිය තරුණියන්ට යාපනයේ තරුණයන් “සුද්දන්ට ජංගි මහන්න යනවද නංගි ” කියා අපහාස කරන බව මීට පෙර තම සංවිධානයට වාර්තා වී තිබූ බවයි. එසේම මේ හේතුවෙන් කාන්තාවන්ට නිදහසේ පාරේ බැස යා නොහැකි තත්වයක් රටේ පාලකයා එක් නිමේෂයකින් උදා කර තිබෙන බවද ඇය ප්‍රකාශ කළා.

මේ අතර අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ තමන් ඇතුළු අසළ සිටි කාන්තාවන් ද ලැජ්ජාවට පත්ව බිම බලා ගත් බවත්, අගමැතිවරයාගේ සිදුකළ ප්‍රකාශය සත්‍ය සහ එහි ලොකු වරදක් නොදකින නමුත් ඇගළුම් කර්මාන්ත වලට සේවයට යන කාන්තාවනට මේ ප්‍රකාශය හේතුවෙන් උසුළු විසුළුවලට ලක් වීමට ඉඩ තිබෙන බවත් ඇය සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More