දේශීය පුවත්

‘සෞඛ්‍ය ඇමැතිවරයා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතැයිද ඔහු ඉන්දියාවේ රෙදි අපුල්ලන සමාගම්, කිරිපිටි සමාගම් සහ සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටිනවා’ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පපවසයි.

පසුගියදා තෙකාළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන්ද සොයිසා මහතා මේ බව කියා සිටියේය.

‘වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීමේ උත්සාහයක යෙදෙමින්, සිටින ඇමැතිවරයා සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම විනාශ කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා’ යැයි හෙතෙම චෝදනා කළේය.

විදේශ උපාධිධාරී කණ්ඩායමක් හා කලින් වසරේ විභාග අසමත් වී ඊළඟ වසරේ සුදුසුකම් සම්පූර්ණ කළ දේශීය උපාධිධාරීන් කණ්ඩායමක් සීමාවාසික පුහුණුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා කැඳවනු ලැබූ බවත් එම කණ්ඩායම සීමාවාසික පුහුණුව ලැබිය යුත්තේ මේ දිනවල අවසාන විභාගයට පෙනී සිටින මෙරට වෛද්‍ය පීඨවල උපාධිධාරීන් සමඟ බවත් වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කළේය.

‘ප්‍රමුඛතා ලැයිස්තුව සකස් කළ විට මුලින් කී කණ්ඩායම සිටිය යුත්තේ පසුව කී කණ්ඩායමට පහළින් වුවත්, එම සම්මත (නීත්‍යනුකූල) ක්‍රමවේදයට පටහැනිව යමින් 300ක පමණ පිරිසකට සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගත් උත්සාහයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ සිසුන් ශේ‍ර්ෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කර ඇතැයි’ හෙතෙම පැවැසීය.

එම පත්වීම් ලැයිස්තුව හරහා තමන්ගේ අයිතිවාසිකම් කඩවන බවට සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේ යැයි කියන පිරිසක්ද, ශේ‍ර්ෂ්ඨාධිකරණයට පැමිණිලි කර ඇති බවත් මේ සියල්ල සලකා බලා ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් සීමාවාසික පත්වීම් ලැයිස්තුව තාවකාලිකව අත්හිටුවා ඇතැයි වෛද්‍ය නවීන් ද සොයිසා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More