දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නේ ඔහු රට බෙදීමේ කුමන්ත්‍රණයේ කොටස්කරුවකු බවට පත් කර ගැනීමට විනා සත්භාවයෙන් නොවේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය වල්පොළ පියනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

නව ව්‍යවස්ථාවක් ජනතාවට අවශ්‍ය නැති බවත් එය අවශ්‍ය වී තිබෙන්නේ බල ලෝභී දේශපාලනඥයන් අතළොස්සකට බවත් පෙන්වා දුන් උන්වහන්සේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි තත්ත්වයක් හැඟී ගියපු නිසා නැවතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මුවාවෙන් රට අස්ථාවර කිරීමේ අරමුණ ඇති 20 වැනි සංශෝධනය කරළියට ගෙනැවිත් ඇති බවද ප්‍රකාශ කළහ.

මෙලෙස වරින් වර කටයුතු කරන්නේ දෙමළ සන්ධානය, එජාපය සහ ජවිපෙ පමණක් බවද උන්වහන්සේ පැවැසූහ. ඔවුන් සියලු දෙනාගේම අවසන් පරමාර්ථය එකක්. ඒක තමයි මුලින් රට අස්ථාවර කොට ඉන් අනතුරුව රට කැබලිවලට කැඩී යෑමට ඉඩ හැරීම යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

රටේම ඡන්දයෙන් බලයට පත්වන නායකයා රට ගැන හිතන තරම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ කැමැත්තට පත්වන රූකඩ පාලකයන් රට ගැන හිතාවි යැයි විශ්වාස කළ යුතු නැති බවත් ජනාධිපති තනතුර රූකඩයක් කර ගැනීමට උත්සාහ දැරීමේ අනිටු ප්‍රතිවිපාක 19 සංශෝධනය ඔස්සේ ජනතාව දැනටමත් අත්විඳිමින් සිටින බවත් පියනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

පළාත් ප්‍රධාන ඇමැතිට අවශ්‍ය ආකාරයට කටයුතු කරන ආණ්ඩුකාරවරයකු පත් කර ගැනීම මඟිනුත්, පාර්ලිමේන්තුව පත් කරන ජනාධිපතිවරයකු මඟිනුත් රටේ ස්වෛරීත්වය නොරැකෙන බව සඳහන් කළ උන්වහන්සේ ඇමෙරිකාව, චීනය, රුසියාව, ප්‍රංශය ඇතුළු බහුතර රටවල් ජනාධිපති ක්‍රමය ඔස්සේ රටවල් ඉදිරියට ගෙනයමින් ඇතැයි ද ප්‍රකාශ කළහ.

දෙකෝටියක ජනගහනයක් සිටින ඇතැම් නගර නගරාධිපතිවරයකු පාලනය කරන පසුබිමක් ලෝකයේ පවතින බවද පෙන්වා දුන් උන්වහන්සේ මේ රට බෙදාගන්නට උත්සාහ ගන්නේ වැඩක් කිරීමට අසමත්, ජනතා ප්‍රසාදයක් නැති දේශපාලනඥයන් අතළොස්සකගේ පටු වුවමනා වෙනුවෙන් බවද ප්‍රකාශ කළහ.

ඇමෙරිකාවේ සිට ‘මව්බිම’ පුවත්ටපතට ඊයේ (4දා) විශේෂ ප්‍රකාශයක් කළ උන් වහන්සේ වැඩිදුරටත් මෙසේද අවධාරණය කර ඇත.

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස සැලකෙන ඉන්දියාවේ පවා ප්‍රාන්තයක් ස්වාධීන වෙන්න කටයුතු කළොත් එම ප්‍රාන්තය මධ්‍යම රජයට පවරා ගන්න පුළුවන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුකාරවරයා වැරැදි කළොත් ඉවත් කළ හැකියි. ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනය නඩු තීන්දුවේ සඳහන් වෙනවා එය තවදුරටත් වෙනස් වුණොත් මධ්‍යම ආණ්ඩුවේ බලය ගිලිහෙන බව. ඒක කරන්න තමයි දැන් උත්සාහ කරන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කුමන්ත්‍රණවල පැටලිය යුතු නැහැ’යි ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More